(අජිත්ලාල් ශාන්තඋදය)
සබරගමු පළාතේ නව ආණ්ඩුකාරවර නිලූකා ඒකනායක මහත්මිය අද (20) පෙරවරුවේ මහා සංඝරත්නයේ ආශිර්වාද මැද රත්නපුර නව නගරයේ පිහිටි ආණ්ඩුකාරවර කාර්යාලයේ දී සිය තනතුරේ වැඩ බාරගත්තාය.
සබරගමු පළාත් සභා සභාපති කංචන ජයරත්න සහ සබරගමු පළාත් ප්‍රධාන ලේකම් හේරත් පී කුලරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාරවරිය පිළිගෙන පළාත් සභා සංකීර්ණය වෙත පෙරහරින් කැඳවාගෙන එනු ලැබීය.
පොලිස් උත්තමාචාර පිළිගැන්වීමෙන් පසු රතු පළස මතින් ආණ්ඩුකාරවර කාර්යාලය වෙත ඇය කැඳවාගෙන යනු ලැබීය.
ඉන් අනතුරුව අමරපුර මහා නිකායේ ඉද්දමල්ගොඩ පාර්ශවයේ මහානායක මඩලගම වජිරබුද්ධි නාහිමියන් ප්‍රධාන මහා සංඝරත්නයේ සෙත්පිරිත් සඡ්ඣායනය මැද නව තනතුරේ වැඩ බාරගනු ලැබීය.
සබරගමු පළාත් සභා ඉතිහාසයේ පළමු ආණ්ඩුකාරවරිය මෙන්ම දහවන ආණ්ඩුකාරවරයා වන්නේ ද නිලූකා ඒකනායක මහත්මියයි. ඇය පසුගිය 12දින සිට සබරගමු පළාත් ආණ්ඩුකාරවරිය ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කරනු ලැබීය.
පළාත් ආණ්ඩුකාර ලේකම් ලලිත් දොඩම්කොටුව, සියලූම අමාත්‍යාංශ ලේකම්වරු, පළාත් සභාවේ හිටපු මහා මාර්ග, ක්‍රීඩා හා සංචාරක අමාත්‍ය අතුල කුමාර රාහුබද්ධ, මධ්‍යම රජයේ හිටපු අමාත්‍යවරයෙකු වූ නන්දිමිත්ර ඒකනායක, ගැමුණුහේවා රෙජිමේන්තු මධ්‍යස්ථානාධිපති බි්රිගේඩියර් ජයම්පති තිලකරත්න, සබරගමු පළාත් නියෝජ්‍ය පොලිස්පති පද්මසිරි මුණසිංහ, රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම යන මහත්ම මහත්මීහූ ද ඇතුලූ විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
සබරගමුව නව ආණ්ඩුකාරවරිය වැඩ අරඹයි