(අජිත්ලාල් ශාන්තඋදය)
රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික් දෙකේ සබරගමු පළාත් සභාව යටතේ පාලනය වන දිස්ත්‍රික් මහ රෝහල්, මූලික රෝහල්, ප්‍රාදේශීය රෝහල්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සහ විශේෂ වෛද්‍ය ඒකක යන ආයතන 98ක වෛද්‍ය නිලධාරීන් 190 දෙනෙකුගේ සහ සහකාර වෛද්‍ය නිලධාරින් 15 දෙනකුගේ උග්‍ර හිගයක් පවතින බව සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පෙන්වා දෙයි.
මේ අතර දැනට සේවයේ යෙදී සිටින වෛද්‍ය නිලධාරීන් 708 දෙනාගෙන් ප්‍රසූත නිවාඩු සහ අධ්‍යයන නිවාඩු ලැබූ පිරිසක් ද සිටින බව ද වෛද්‍ය කපිල කන්නන්ගර මහතා අවධාරණය කළේය. මේ තත්ත්වය යටතේ සබරගමු පළාතේ ලක්ෂ 20කට අධික ජනතාවකගේ සෞඛ්‍ය පහසුකම් සැපයීමේ දී බරපතල ගැටලූ රැසකට මුහුණ දීමට සිදුව ඇති බවද ඔහු සඳහන් කළේය.
ඇඹිලිපිටිය දිසා මහ රෝහල සබරගමු පළාත් සභාව යටතේ පාලනය වෙයි. සබරගමු පළාත්ට අමතරව, ඌව සහ දකුණු පළාතේ ජනතාව ද ඉන් සේවාවන් ලබති.
ඇහැලියගොඩ, කහවත්ත, බළන්ගොඩ, කලවාන, මාවනැල්ල, වරකපොළ සහ කරවනැල්ල යන මූලික රෝහල් හත ද සබරගමු පළාත් සභාව යටතේ පාලනය වෙයි. මීට අමතරව ප්‍රාදේශීය රෝහල් පනස් හයක් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 30ක් ද, විශේෂ ප්‍රතිකාර ඒකක හයක් ද සබරගමු පළාත් සභාව මගින් පාලනය වන බව සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා පෙන්වා දෙයි.
මෙම සෞඛ්‍ය ආයතනවල සේවය කිරිමට අනුමත ව ඇති වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව 898ක් වන නමුත් සේවය කරන්නේ 708කි. සහකාර වෛද්‍යවරුන් 85 දෙනෙකුගේ අවශ්‍යතාවක් ඇතත් සේවය කරන්නේ 70කි. ඉන් ඉදිරියට සබරගමු පළාත් සභාවේ සෞඛ්‍ය සේවයට සහකාර වෛද්‍යවරුන්ගේ සේවය ලබා නොගන්නා බවද පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා සඳහන් කළේය. ඒ අනුව සහකාර වෛද්‍ය සේවයේ නියුතුවු නිලධාරියෙකුගේ විශ්‍රාම යාමක් හෝ ඉවත්වීමක් මත පුරප්පාඩුවන එම තනතුරු සදහා වෛද්‍ය නිලධාරීවරයෙකුම බඳවා ගැනීමට පියවර ගන්නා බව ද සඳහන් කළේය.
ඒ අනුව ඉදිරියේ ද සබරගමු පළාතෙන් සහකාර වෛද්‍ය නිලධාරීන්ගේ සේවය ලබාගැනීමක් නොවනු ඇති බව වෛද්‍ය කපිල කන්නන්ගර මහතා අවධාරණය කළේය. මේ අතර පසුගිය 01දා සබරගමු පළාත් සෞඛ්‍ය සේවයෙන් විශ්‍රාම ලැබූ සහකාර වෛද්‍ය නිලධාරින් සිව්දෙනෙකු කොන්ත්‍රාත් පදනම මත පළාත් සෞඛ්‍ය සේවාවට යළි එක්කර ගැනීම පළාත් ආණ්ඩුකාර ධම්ම දිසානායක මහතා ප්‍රධානත්වයෙන් ජූලි 02දා සිදුවිය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
සබරගමුවේ සෞඛ්‍ය ආයතන 98 කට වෛද්‍යවරු 190 ක් හිඟයි