(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මාතර වෙහෙරගම්පිට ඕල්කට් විද්‍යාලයෙන් මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දරුවන් පෝෂිත පාසල් වලට ඇතුළත් කර ගන්නැයි ඉල්ලා දෙමාපියන් පිරිසක් තම දරුවන් ද සමඟ මාතර සාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලය තුලට කඩා වැදීමත් සමග අද (12) එම විද්‍යාලය තුළ දැඩි උණුසුම් තත්වයක් හට ගත්තේය.
එම පිරිස පාලනය කිරීමට මාතර පොලීසියේ නිලධාරීන්ද කැදවීමට සිදු විය.
මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 145 සීමාව පසු කළ සිසුවියන් සාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලයට ඇතුළත් කර ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය උපදෙස් ලබා දී තිබුණි.
ඒ අනුව එම ලකුණු සීමාව පසු කල දැරියන් පාසලට ඇතුළත් කිරීමේ සම්මුඛ පරීක්ෂණය ද අද (12) පැවැත්වීමට නියමිතව තිබු අතර මෙම සිද්ධියත් සමග එම සම්මුඛ පරීක්ෂණය ද අවලංගු කිරීමට සාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනී එස්. සිරිබද්ධන මහත්මිය කටයුතු කළාය.
විරෝධතාවයේ නිරත දෙමාපියන් හා දරු දැරියන් පැය දෙකකට වැඩි කාලයක් එම විද්‍යාලයේ විදුහල්පති කාර්යාලයේ දොරටුව අවහිර කර ගෙන උද්ඝෝෂණය කළහ.
පොලීසිය ඔවුන් ඉවත් කිරීමට ගත් උත්සාහය ද අසාර්ථක විය.
පසුව එම ස්ථානයට මාතර මූලස්ථාන පොලිස් පරික්ෂක ධම්මික අමරසේන මහතා හා මාතර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා හර්ෂණී ආරියරත්න මහත්මිය පැමිණියහ.
ඔවුන් දෙපාර්ශ්වය සමග සාකච්ඡා කර අවසානයේ එකඟතාවයකට පැමිණියේය.
ඒ අනුව 06 ශ්‍රේණිය සදහා පෝෂිත පාසල් වලට ලමුන් ඇතුලත් කර ගැනීම තාවකාලිකව නතර කරන බවටත් අසාධාරණයට පත් දරුවන් වෙනුවෙන් අභියාචනා ලබා ගෙන සාධාරණයක් ඉටු කර දෙන බවටත් මාතර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා හර්ෂණී ආරියරත්න මහත්මිය පොරොන්දු වීමෙන් පසු විරෝධතාකරුවෝ විසිර ගියහ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ශිෂ්‍යත්වය සමත් දරුවන් පෝෂිත පාසල්වලට ගන්නැයි මාතර උද්ඝෝෂණයක්