IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


වෙරළ කලාප සංවර්ධනයට ඊ බලපත් සේවාවක්


 
(නිමල කොඩිතුවක්කු)
 
ශ්‍රී ලංකාවේ වෙරළ කලාප තුළ සංවර්ධන කාර්යන් වෙනුවෙන් බලපත‍්‍ර නිකුත් කිරීමේ ඊ බලපත‍්‍ර සේවාව හඳුන්වා දීම මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතාගේ ප‍්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ සොබාදම් පියස  ශ‍්‍රවණාගාරයේදී  අද (22) සිදුකෙරිණි.


ශ්‍රී ලංකාවේ වෙරළ කලාප තුළ සංවර්ධන කාර්යයන් වෙනුවෙන් බලපත‍්‍ර නිකුත් කිරීමේදී වඩා විධිමත් හා කාර්යක්ෂම සේවාවක් සැපයීමේ අරමුණින් මෙම සේවාව ක‍්‍රියාත්මක කෙරේ.

ඒ අනුව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන කාර්යාලය සහ දිස්ත‍්‍රික් කාර්යාල 14ක කාර්ය ජාලගත කරමින් මෙම සේවා හඳුන්වා දෙනු ලැබීය.

අමාත්‍යාංශවල සහ දෙපාර්තමේන්තුවල කටයුතු ඩිජිටල්කරණය තුලින් දූෂණයෙන් තොර වඩාත් කාර්‍යක්ෂම සේවාවක් සැපයීමට අවස්ථාව හිමිවන බව  එහිදි අදහස් දක්වමින් මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා පැවැසීය.

එමෙන්ම ධනය සහ බලය ඇති පුද්ගලයන්ට සේවාවන් සපයනවා වෙනුවට ප‍්‍රමුඛතාවය මත සැමට එකා හා සමාන සේවාවක් ලබාදිමට මෙම ක‍්‍රමවේදය හමුවේ අවස්ථාව සැලසෙන බවද ඔහු සඳහන් කළේය.

නව තාක්ෂණය භාවිතා කිරිමත් සමග අඩුකාළයක් තුළ වැඩි වැඩකොටසක්  කිරිමට හැකිවනු ඇති බවද සඳහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා ඉදිරියේදී අමාත්‍යාංශයේ සෙසු ආයතනද ඩිජිටල් කරනය කරමින් ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් ඉටුකිරීමට කැපවෙන බවද වැඩිදුරටත් පැවැසීය.

මෙම අවස්ථාව සඳහා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප‍්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.
 



අදහස් (1)

වෙරළ කලාප සංවර්ධනයට ඊ බලපත් සේවාවක්

de silva berlin Friday, 22 February 2019 08:47 PM

මොන ඊ සේවය කලත් පගා ගහන නිලධාරීයෝ ඉන්නකම් ඔය එකක්වත් හරියන්නේ නැහැ , දැන් ඔය රියදුරු බලපත්‍ර , විදේශගමන් බලපත්‍ර වැනි දේවල් නවීන තාක්ෂණයට අනුකුලව සකස් කරලා නැද්ද. දැනට ලෝකේ ප්‍රමිතියෙන් වැඩිම වාහන නොම්මර තහඩු තිබෙන්නේ ලංකාවේ, උදාහරණයක් වශයෙන් කියනවා නම් ජර්මනියේ තිබෙන වාහන අංක තහඩු අපේ ඒවත් එක්ක සංසන්ධනය කරල බැලුවහම අපේ ඒවගේ තිබෙන වෝටර්මාර්ක් වැනි දේවල් එහි නැහැ. ජර්මනියේ 1999 වෙනකන් නිකුත් කලේ ඡායාරුපයක් අලවපු කඩදාසි රියදුරු බලපත්. අපි 1990 විතර ඉදන් භාවිත කලේ ප්ලාස්ටික් කාර්ඩ් රියදුරු බලපත්‍ර , ඔය මොනවා කලත් අපේ රටේ හොර රියදුරු බලපත්‍ර , පාස්පෝර්ට් වැනි දේවල් නිකුත් වෙනවා , මදුෂ් ඩුබායි ගියේ වෙනත් නමකට තිබෙන ඔහුගේ ඡායාරුපය සහිත ගමන් බලපත්‍රයකින්. විමල් විරවංශගේ බිරිඳ රට ගියේ දෙපාර්තුමේන්තුවෙන් නිකුත් කරපු වැරදි තොරතුරු සහිත ගමන් බලපත්‍රයකින්. මොන තාක්ෂණය තිබුනත් ඒවාට දත්ත ඇතුල් කරන නිලධාරියෝ පගා ගහනවානම් ඒවා ගැන විශ්වාසයක් තියන්න බැහැ

:       0       0

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 190 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1208 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 318 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 386 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 398 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 283 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1546 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1435 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site