(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
විල්පත්තුව ජාතික වන උද්‍යානයේ සැරිසරමින් සිටි දිවියකුගේ ශරීර කොටස්, පුක්කුලම ධීවර වාඩි අසළ වළදමා තිබියදී සොයාගැනීමේ සිද්ධියට අදාළව, දිවියාගේ මරණය සම්බන්ධ වාර්තාවක් නොපමාව ලබා දෙන්නැයි පුත්තලම අතිරේක දිසා විනිසුරු ලහිරු එන්. සිල්වා මහතා ( 22 ) රජයේ රස පරික්ෂකවරයාට නියෝග කළේය.
අතිරේක මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ පසුගිය 19 දින එම දිවියකුගේ ශරීර කොටස් සොයා ගැනීම සම්බන්ධව විල්පත්තුව ජාතික වන උද්‍යානයේ මුල්ලිකුලම අඩවි ආරක්ෂක ජානක ජීවන් හපුආරච්චි මහතා විසින් අධිකරණයට අදාළ සිද්ධිය සම්බන්ධව කරුණු වාර්තා කිරී මසැලකිල්ලට ගනිමිනි.
මරා දමා තිබූ දිවියාගේ සිරුරේ කොටස් මුල්ලිකුලම අඩවි ආරක්ෂකවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
විල්පත්තුව ජාතික වන උද්‍යානයට යාබද, පුක්කුලම ධීවර ගම්මානයට මිටර් කිපයක් දුරින් පිහිටි ස්ථානයක, විල්පත්තුව ජාතික වන උද්‍යානයේ සැරිසරමින් සිටි ‘පැන්තේරා ෆාඩස්’ නමැති දිවියකුගේ අස්ථි කොටස් වළදමා තිබූ බවත් එය වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා ඉදිරියේදී ගොඩ ගත් බවත්, අධිකරණයට කරුණු ඉදිරිපත්කරමින් හපුආරච්චි මහතා දන්වා සිටියේය.
වනජීවි පශු වෛද්‍යවරයාගේ මූලික වාර්තාවේ දි මෙම දිවියාගේ රදනක දත් සියල්ලම ගලවා ඇති බවත්, එසේම සම හා ශරීරයේ ඇතැම් කොටස් ගණනාවක් නොතිබූ බව පැවසූ බවත් අඩවි ආරක්ෂක වරයා විවෘත අධිකරණයේදී පැවසීය. විල්පත්තුව තුළ සැරිසරන වන සතුන්ට දැඩි අනාරක්ෂිත තත්වයක් මතුව ඇති බවද ඒ මහතා කීය.
මෙම කරුණු සියල්ල සැලකිල්ලට ගත් අතිරේක මහෙස්ත්‍රාත්වරයා මෙම දිවියාගේ අමාශ ගත කොටස්වල විෂ රසායනික ද්‍රව්‍ය අඩංගුවී තිබේද, මාංශ කොටස් වල විෂ රසායනික ද්‍රව්‍ය අඩංගු වී ඇත්නම් ඒ හේතුවෙන් මෙම සත්වයා මිය ගියේද, එසේ නොමැතිව වෙනත් කිසියම් කරුණක් නිසා මෙම දිවියා මරණයට පත්වුවාද යන්න පැහැදිලිව දන්වන ලෙස රජයේ රස පරීක්ෂකවරයාට නියෝග කළේය.
මෙම නඩුව නොවැම්බර් 26 දිනට කල් තැබූ අතිරේක මහෙස්ත්‍රාත්වරයා එදිනට අදාළ අංශවලට මේ සම්බන්ධ සියලු වාර්තා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග කළේය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
විල්පත්තු දිවියාගේ මරණය ගැන කඩිනම් වාර්තාවක් දෙන්නැයි නියෝග