නිශාන්ත කුමාර
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝගයක් මත ඉදිකිරීම් කටයුතු ආරම්භ කළ බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගය අතරතුර පිහිටි මහවැලි මහ ඇලේ වියානා ඇල ආරක්ෂක වැටේ ඉදිකිරිම් කටයුතු මේ වන විට මුළුමණින්ම අවසන් කර ඇතැයි මහියංගණ ප්‍රාදේශීය විධායක ඉංජිනේරු ඒ ලිංගේෂ්වරන් මහතා පැවැසීය.
මෙම ඉදිකිරිම් සඳහා ගතවූවේ මසකටත් අඩු කාලයක් බවද ලිංගේෂ්වරන් මහතා කීය.
ආරක්ෂක වැටේ ඉදිකිරිම් කටයුතු නිමා කිරිමත් සමඟම එම මාර්ගයේ ගමන් ගන්නා වාහන ඇල මාර්ගයට හා ජලාශවලට ඇද වැටීමෙන් සිදුවන ජීවිත අනතුරු යළිත් වාර්තා නොවනු ඇතැයි ද ඉංජිනේරුවරයා පැවැසීය.
මාර්ග සංවර්ධන අධිකාරියේ ඌව පළාත් අධ්‍යක්ෂක ටී කේ එම් ගලප්පත්ති මහතාගේ උපදෙස් හා මඟ පෙන්වීම මත ක්‍රියාත්මක වූ ආරක්ෂීත වැට ඉදිකිරිමේ ව්‍යාපෘතිය සඳහා රජය මගින් වැයකළ මුළු මුදල රුපියල් ලක්ෂ 540 කි. ඉදිකරන ලද ආරක්ෂිත වැටේ දිග මීටර් 4650 කි.
වැට ඉදිකිරීමට අමතරව කිලෝමිටර් අටක් වන මෙම මාර්ග කොටස තුළ වේග සීමා ඉරි, අනතුරුදායක බව දැක්වෙන නාමපුවරු මෙන්ම විවිධ මාර්ග සංඥා පුවරු සවිකිරීමටද පියවර ගෙන ඇතැයි ලිංගේෂ්වරන් මහතා වැඩිදුරටත් පැවැසීය.
මහියංගන බදුල්ල ප්‍රධාන මාර්ගය අතරතුර පිහිටි වියානා ඇල මාර්ගයට සමාන්තරව දිවෙන කිලෝමීටර් අටක පමණ මාර්ග කොටස තුළ ගමන් ගන්නා වාහන විටින් විට එම ඇල මාර්ගයට පෙරළීමෙන් පසුගිය කාලය තුළ විශාල මරණ සංඛ්‍යාවක් වාර්තා වූ අතර ඒ සම්බන්ධයෙන් අවදානය යොමු කළ ජනාධිපතිවරයා ඇල මාර්ගයට වාහන ඇද වැටීම වැළැක්වීම පිණිස මාර්ගය දෙපස අනාරක්ෂිත වැටක් ඉදිකරන්නැයි මාර්ග සංවර්ධන අධීකාරියට නියෝග කරනු ලැබුවේ මීට මාස කීපයකට පෙරය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
වියානා ඇලේ ආරක්ෂක වැටේ ඉදිකිරිම් අවසන්