IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


වාහන ආදායම් බලපත්‍ර වංචාවේ සැකකරු රිමාන්ඩ්

(ඩී.ජී.සුගතපාල)
 
වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරිමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගයට පටහැනිව දෙපාර්තමේන්තුවට හානි දායකවන ලෙස වාහන ආදායම්  බලපත්‍ර නිකුත් කර, රුපියල් (443,176ක් වංචා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ දකුණු පළාත් මෝටර් රථ කොමසාරිස් කාර්යාලයේ සේවකයා ලබන 28 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද(14) නියෝග කළේය.
 
මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබුවේ හික්කඩුව මලවැන්න පදිංචි උඩුවිල ආරච්චිගේ රුජිත් ප්‍රියේන්ද්‍ර සිසිර කුමාර නමැති සැකකරුවෙකි.
 
දකුණු පළාත් මෝටර් රථ කොමසාරිස් රසිකා උපේන්ද්‍ර ඉද්දමල්ගොඩ දිසානායක මහත්මිය විසින් ගාල්ල පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණට ඉදිරිපත් කරන ලදි .
 
කොමසාරිස්වරියගේ පැමිණිල්ලේ සඳහන් වන්නේ 2018 අගෝස්තු සිට 2019 සැප්තැම්බර් දක්වා වසරක කාල සීමාව තුළ සැකකරු‍ මෙම වංචාව කර ඇති බවය.

වෑන් රථයක හිමිකරුවෙකු ආදායම් බලපත්‍රය ලබා ගැනිමට ගිය අවස්ථාවේ සැකකරු පවසා ඇත්තේ පසුගිය වසරේ ආදායම් ඉදිරිපත් නොකර නිසා රුපියල් 5,040ක දඩ මුදලක් ගෙවිය යුතු බවය. ඒ අනුව ඔහු එම මුදල ගෙවා ආදායම් බලපත්‍රය ලබාගෙන ඒ පිළිබඳව කොමසාරිස්වරියට ලිඛිතව දන්වා තිබේ.
 
ඒ  පිළිබඳ පරීක්ෂණ පැවැත්විමේදී  වෑන් රථයට 2019/2020වර්ෂය සඳහා  නිකුත් කරන ලද ආදායම් බලපත්‍රයට ආදාල ආදායම දෛනික වාර්තා පොතේ සටහන්ව නොමැති බවට නිලධාරිනියක විසින් කොමසාරිස්වරියට දැනුම්දෙන ලදී. එයට අදාළ ලේඛන සහ පරිගණක මෘදුකාංග පරීක්ෂා කිරීමේදි වෑන් රථය සඳහා 2019/2020 වර්ෂයට අදාළ ආදායම් බලපත්‍රය නිකුත් කිරීමේදි රුපියල් 5,040ක මුදලක් වැඩිපුර අයකරගෙන ඇති බව අනාවරණය වී ඇත.
 
පසුව ඒ බව නාරාහේන්පිට පිහිටි  ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනට දැනුම්දී තිබේ. එහිදී ලබාගන්නා ලද 2018 අගෝස්තු සිට 2019 සැප්තැම්බර් දක්වා කාල සීමාව තුළ දත්ත පරීක්ෂා කිරීමේදී එම මුදල් අයකැමි භාර සේවකයා මෙම වංචාව සිදුකර ඇති බව හෙළි වී ඇත. ඒ අනුව කොමසාරිස්වරිය පොලිසියට පැමිණිලි කර ඇත.
 
ගාල්ල සහකාර පොලිස් අධිකාරි දුල්ශාන් නාගහවත්ත මහතාගේ උපදෙස් පරිදි මූලස්ථාන පොලිස් පරීක්ෂක අරුණලාල් මහතාගේ මෙයෙවිම යටතේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිනේශ් නිශාන්ත උප පොලිස් පරීක්ෂක එම්.නිමල් .සැරයන්වරුන් වන බණ්ඩාරිගොඩ(58971) රෝහණ(31957) මහිලාල්(20484) යන මහත්වරුන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
 
 



අදහස් (10)

වාහන ආදායම් බලපත්‍ර වංචාවේ සැකකරු රිමාන්ඩ්

වැලිගමගේ හේමරත්න Tuesday, 22 October 2019 02:40 PM

දැන් ඉතිං හම්බකරපු සල්ලිත් ඉවරයි. හොරකම් කරපු සල්ලිත් ඉවරයි. මෙයා විනය පරීක්ෂණ වල පැමිණිලි මෙහෙයවන්න හරි ප්‍රසිද්ධ කෙනෙක්. පහුගිය වසර 5 ක පමණ කාලයේදී විනය පරීක්ෂණ වල පැමිණිලි 100කට වඩා මෙහෙයවල තියනෙවා කියලා කෙනෙක් වාර්තාවක් දීල තියෙනවා. ලක්ෂ ගණන් මුදල් උපයලා තියෙනව. මේ දූෂිත නඩයේ එක්කෙනෙක් විතරයි. තව ගොඩක් අය ඉන්නවා. දැන් ඉතිං විනය පරීක්ෂණවල පැමිණිලි මෙහෙයවලා අසාධාරණ විදියට ගත්ත සල්ලිත් ඉවරයි. මෙයා කරල තියෙන්නෙ රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමක් නොවෙයි. රජයේ මුදල් හොරකම් කිරීමක්. ඒ නිසා කොහොමත් හිරේ යනවා. මේව නිකං නොවෙයි මේ බෞද්ධ රටේ දෙවි දේවතාවුන් දෙන දඩුවම්. දෙවියෝ මේ අයට දඩුවම් දෙනවා. ලක්ෂ හතරහමාරක් නොවෙයි අඩුම තරමින් ලක්ෂ 25 ක් වත් මේ විදියට ගන්න ඇති. පරීක්ෂණ යට ගසාවිදැයි සැකයි. අසාධාරණ විදියට ජිවත් වෙන්න හදන හැම කෙනාටම හො‍ද පාඩමක්.

:       3       14

Rasika lamahewa Tuesday, 22 October 2019 05:02 PM

කරන කලට පව් මිහිරිය මී සේ - විදින කලට දුක් දැඩි වෙයි ගිණිසේ. පව් තමයි. මොනව කරන්නද?

:       2       8

ජනිත් කමාර Tuesday, 22 October 2019 05:05 PM

මේව අනික් නිලධාරීන්ට හොද පාඩම්. හොද වැටුපක් හම්බ වෙනවනම් මොකටද හොරකම් කරන්නේ. අනික මේගොල්ලො තමයි නම් දරන කම්බ හොරු වෙන්නේ. උපරිම දඩුවම් දෙන්න ඕන මෙවැනි අයට. කිසිසේත්ම අනුකම්පා කරන්න හොද නැහැ.

:       2       4

ජයන්ති මළල්ගොඩ Tuesday, 22 October 2019 05:08 PM

දකණටම ලැජ්ජයි. හිගා කෑවානම් ඔයිට වඩා හොදයි.

:       2       8

sumudu - akuressa Wednesday, 23 October 2019 04:51 PM

ජයන්ති ඔබ කියන දේ හරියටම හරි. දකුණටම ලැජ්ජයි.

:       2       4

සුපුන් මාදුවගේ Wednesday, 23 October 2019 04:56 PM

අනේ පව්. නැති බැරි කමටනේ එහෙම කරන්න ඇත්තේ. බැරිද නීතිය නවලා මෙයාව අතහරින්න.

:       1       4

චන්දන ගමගේ - වලස්මුල්ල Wednesday, 23 October 2019 04:59 PM

සංසාරගතත පුරුද්දක්. මේ වගෙ අය පුනරුත්ථාපනය කල යුතුයි.

:       1       6

hasitha madushan - kaburupitity Thursday, 24 October 2019 03:42 PM

කුම්බලා මාලු කෑවා නම් දුක්විදපං බළලෝ කිව්වලු

:       1       9

chandana kariyawasam Friday, 25 October 2019 10:16 AM

මේ වගේ හොරුන්ට නැවතත් රස්සාව දෙන්න එපා.දැන් ඉතිං පුරැද්දට දිගටම කරන්නෙ මේ වගේ වැඩ තමයි.ඒක නිසා රස්සාවෙන් පලවා හැරියට පව් නැහැ.

:       0       3

supun snageewa - ambalangoda Sunday, 27 October 2019 01:59 AM

ඉතා හොඳ දඩුවමක්. ඉතා හොඳයි.

:       0       5

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 190 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1208 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 318 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 386 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 398 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 283 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 277 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1627 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1513 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site