(නිමල් ජයරත්න)
පොළොන්නරුව මඩකලපුව ප‍්‍රධාන මාර්ගයේ කුසුම්ගම ප‍්‍රදේශයේදී අද (17) ලොරි රථයක ඉදිරිපස ටයරයක් පුපුරා පාරෙන් ඉවතට පැන මාර්ගයේ නතර කර තිබූ වාහන පහක ගැටී සිදු වූ අනතුරකින් ත‍්‍රීරෝද රථයක සිටි පුද්ගලයකු බරපතල තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කළ බව පොළොන්නරුව පොලිසිය පවසයි.
වී පටවා ගත් ලොරියක් මනම්පිටිය ප‍්‍රදේශයේ සිට පොළොන්නරුව දෙසට ගමන් කරමින් තිබියදී ටයරය පුපුරා ගොස් සිදු අනතුරෙන් නවතා තිබූ ත්‍රීරෝද රථ දෙකක් , බස් රථ දෙකක් සහ යතුරුපැදියක ගැටී ඇති බව පොලිසිය සඳහන් කළේය.
ගල්ලෑල්ල කුසුම්ගම ප‍්‍රදේශයේ තේ පානය කිරීම සඳහා මෙම වාහන නතර කර ඇති අතර අනතුරෙන් ත‍්‍රී රෝද රථ දෙකකට සහ යතුරු පැදියට බරපතල හානි සිදුව ඇත.
අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ සිදු කරන බව පොළොන්නරුව පොලිසිය කියයි.
අනතුරට හේතුව ලොරි රථයේ කාර්මික දේෂයක් සහ අපරීක්ෂාකාරි රිය ධාවනය බවට සැකකරන බවත් මේ සම්බන්ධව පරීක්ෂණ පවත්වන බවත් පොළොන්නරුව පොලිසිය පැවැසීය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ලොරියක ටයරයක් පුපුරා පාරෙන් ඉවතට පැන වාහන 5 ක ගැටේ