මඩකලපුව දිස්ත්‍රික්කයේ නැගෙනහිර විශ්ව විද්‍යාලයට අනුබද්ධිත ස්වාමි විපුලානන්ද සෞන්දර්ය ආයතනයට නවීන යටිතල පහසුකම් සැපයීම සඳහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අවබෝධතා ගිවිසුමකට ඉකුත් දා අත්සන් තැබිණි.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු හා නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්. එම්. පී. කේ. මායාදුන්න යන මහත්වරු ඊට අත්සන් තැබූහ.
මෙම ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකා රුපියල් මිලියන 275 ක මූල්‍ය ප්‍රදානයක් හිමිවන අතර ඒ යටතේ ස්වාමි විපුලානන්ද සෞන්දර්ය ආයතනයේ ශ්‍රවණාගාරය නවීකරණය කිරීම, ශ්‍රව්‍ය හා දෘශ්‍ය පටිගත කිරීමේ හා සංස්කරණය කිරීමේ පහසුකම් සහිත නවීන ගොඩනැගිලි සංකීර්ණයක් ඉදිකිරීම හා ආයතනය සඳහා වාහන ලබාදීමට අපේක්ෂිතය.
මෙම ව්‍යාපෘතිය ජනතා කේන්ද්‍රීය සංවර්ධන ව්‍යාපෘති සඳහා ශ්‍රී ලංකා රජයට සහයෝගය දැක්වීමට ඉන්දීය රජය දරන ප්රයන්තයේ තවත් ව්‍යාපෘතියකි.
ශ්‍රී ලංකාව තුළ සංවර්ධන සහයෝගීතා ව්‍යාපෘති සඳහා ඉන්දියාව මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 3 ක් පමණ ලබා දී ඇති බවත් ඉන් ඇමෙරිකානු ඩොලර් මිලියන 560 ක්ම නැවත නොගෙවිය යුතු ප්‍රදාන බවත් කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.
නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.
055
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ලංකාව හා ඉන්දියාව අතර අවබෝධතා ගිවිසුමක්