(වසන්ත චන්ද්‍රපාල)
රැකියා දෙන බවට තරුණ තරුණයින් රවටමින් මුදල් වංචා කරන පුද්ගලයෙක් පිළිබඳව අම්පාර පොලිසියේ විශේෂ අපරාධ අංශය මගින් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
අම්පාර ඩී.එස්.සේනානායක ජාතික පාසලට අනධ්‍යයන කාර්ය මණ්ඩලයට පත්විමක් රැගෙන පැමිණි තරුණියගේ පත්වීම් ලිපිය පිළිබඳව සැක සිතුණු අම්පාර ඩී.එස් සේනානායක ජාතික පාසලේ විදුහල්පතිවරයා විසින් අධ්‍යාපන අමාත්‍යංශයට කතා කර එම ලිපිය ගැන සොයා බැලීමේදී එය ව්‍යාජ ලිපියක් බව තහවුරු කරගෙන තිබේ.
පසුව විදුහල්පතිවරයා විසින් අම්පාර පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිලි කර ඇති අතර අපරාධ විමර්ශන අංශය මගින් පත්වීම් ලිපිය රැගෙන පැමිණි තරුණියගෙන් ද ප්‍රකාශයක් ලබාගෙන තිබේ.
අම්පාර නගරයේ පදිංචි අම්පාර අධිකරණයේ සේවය කර විශ්‍රාම ගත් පුද්ගලයකුට රුපියල් ලක්ෂ හතරක් දී මෙම පත්වීම ලබාගත් බවට තරුණිය පොලීසියට පවසා ඇත.
පත්වීම් ලිපියේ අතිරේක ලේකම් පාලන වශයෙන් අත්සන් කර ඇත්තේ ජී.එල්.එස්.සේනාධිර නැමැති මහතෙකු වන අතර එම අය දැනට සේවයෙන් විශ්‍රාම ගොස් ඇති බවද වාර්තාවේ.
මෙම පත්වීම් ලිපියේ සත්‍ය අසත්‍යතාවය පිළිබඳව අම්පාර අපරාධ අංශය මගින් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
අම්පාර කොට්ඨාස වැඩබලන පොලිස් අධිකාරි ප්‍රියදර්ශන හේරත් මහතාගේ උපදෙස් මත අම්පාර විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජී.එස්.කේ රත්නායක, පොලිස් සැරයන් 26315 පී විජේසිංහ යන මහත්වරු වැඩිදුර පරීක්ෂණ පවත්වති.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
රැකියා දෙනවයි කියා මුදල් වංචා කරන පුද්ගලයෙකු ගැන පරීක්ෂණ