IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


රාවණා ඇල්ල ගල්තලාවේ ගල්කුළු පුපුරා යාමේ අවදානමක්

(නිශාන්ත කුමාර)

ඇල්ල -  වැල්ලවාය  ප්‍රධාන මාර්ගය අතරතුර පිහිටි දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය දිනු රාවණා  ඇල්ල පිහිටි ස්ථානයට ඉහළින් පිහිටි  ගල්තලාවේ ගල්කුළු කීපයක් පුපුරා ගොස් ඇති අතර ඒවා පහළට කඩා වැටීමේ අවදානමක් පවතින බව ප්‍රදේශවාසීහු පවසති.

රාවණා ඇල්ල පිහිටි ප්‍රදේශයේ සිට මීටර් 300 ක් පමණ ඉහළට වන්නට පිහිටි මෙම ගල්තලාවේ ඇතැම් ස්ථාන පුපුරා ගොස් ඇති අතර එම පුපුරා ගිය කොටස් වලින් ගැලවුණු ඇතැම් ගල් පතුරු වැසි පවතින අවස්ථා කීපයකදී පහළට කඩා වැටුණු බවද ඔවුහු පවසති.

වැසි පවත්නා අවස්ථාවන් හිදී මෙම මාර්ගයේ ස්ථාන රැසකම පසුගිය කාලය තුළ මෙවැනි ගල් කුලු කඩා වැටීම් වාර්තා වී ඇතැයි ද ජනතාව පවසති.

සංචාරකයින්ට අවදානමක් විය හැකි මෙම ගල් කුලු ඉවත් කිරීමට කටයුතු කළ යුතු යැයිද ඔවුන් පෙන්වා දෙති.

මේ  සම්බන්ධයෙන් අප ඇල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති අමිල බස්නායක මහතා මෙසේ කීය.

‘ දිය  ඇල්ලට ඉහළින් පිහිටා තිබෙන්නේ  ස්වභාවික ගල් තලාවක්. ස්වභාවික ගල් තලාව තුළ විවිධ ස්වභාවික සංසිද්ධීන් සිදු වනවා.  මෙම ගල් පතුරු ගැලවීමත් එවැනි තත්වයක්. නමුත් එය සංචාරකයින්ගේ ආරක්ෂාවට තර්ජනයක් නොවෙයි. ඒ නිසා මේ ස්වාභාවික පරිසර තත්ව වෙනස් කළ යුත්තේ ඒ පිළිබඳ යම් විමර්ශනයකින් පසුවයි. අනෙක  ස්වභාවික පරිසරය දකින්න කැමැති බහුතරයක් සංචාරකයින් එම තත්වයන් වෙනස් කරනවාට  කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒ වගේම මෙම ගල් කුළු  කඩාවැටීමෙන් මේ වනතුරුත් කිසිදු අනතුරක් වාර්තාවී නැහැ.

නමුත් යම් අවදානමක් තිබිය හැකි නිසා දියඇල්ල නැරඹීමේ දී ඒ ආසන්නයට නොගොස් ඒ සඳහා වෙන්කර ඇති නැරඹුම් මැදිරිය හා මාර්ගයේ සිට දිය ඇල්ල නරඹන ලෙස අපි සංචාරකයින්ගෙන්  ඉල්ලා සිටිනවා.

ඒ වගේම මෙම ගල්කුළු වලින් සංචාරකයින්ට කිසිදු අවහිරයක් නොවන බවත් ප්‍රකාශ කරනවා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අවධානය යොමුකර අවශ්‍ය  පියවර ගැනීමට බලාපොරොත්තු වෙනවා.



අදහස් (1)

රාවණා ඇල්ල ගල්තලාවේ ගල්කුළු පුපුරා යාමේ අවදානමක්

Perera Wednesday, 18 September 2019 07:41 AM

වේදිකාවල් වල කියන ගල් පැලෙන බොරුවල තරම තමා ඔය.

:       0       4

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 190 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1208 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 318 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 386 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 398 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 283 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 269 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1619 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1506 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site