(අජිත්ලාල් ශාන්තඋදය)
අධික වැසි හේතුවෙන් කළු, කුරු, දෙනවක්, බඹරබොටු, සහ හංගමු යන ගංගාවල ඉහළගිය ජලමට්ටම් අද (14) වනවිට නැවතී තිබුණ ද ජල මට්ටම අඩුවීම ඉතා සෙමින් සිදුවන බව වාරිමාර්ග දෙපාර්ත මෙන්තුව පෙන්වා දෙයි.
කළුගගේ ජල මට්ටම ඊයේ (13) රාත්‍රී 08.00 පමණ මුවගම ජල මාපකයේ මීටර් 08.01 ක් ඉක්මවා තිබූ අතර ඊයේ පෙරවරු 07.30 වනවිට ඉතා හෙමින් පහළ බහින බව පෙන්නුම් කළේය.
කළුගගේ ජල මට්ටම මීටර් 07.5 ඉක්මවීම සුළු ගංවතුර මට්ටමක් බව රත්නපුර දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු අරුණ සමරතුංග මහතා පැවසුවේය.
කළුගගේ ජල මට්ටම ඊයේ (13) දවහල් 11.30 පමණ වනවිට මීටර් දෙකක මට්ටමේ පැවති අතර පැය අටක් වැනි කෙටි කාලයත් තුළ එනම් 13 දි රාත්‍රී 08.00 පමණ වනවිට එය මීටර් 08.01 දක්වා ඉහළ ගිය බවද අරුණ සමරතුංග මහතා කීය. එනැත් පටන් පැය 12 ක් එනම් අද (14) පෙරවරු 08.00 දක්වා කළුගගේ ජල මට්ටම අඩුවීම මීටර් 0.5ක් පමණ වූ සුළු අගයක් බවද වාරිමාර්ග ඉංජිනේරුවරයා පෙන්වා දෙයි.
මේ නිසා රත්නපුර ප්‍රදේශයේ සුල් ගංවතුර මට්ටමක් පවතින අතර රත්නපුර ඇලපාත, කුරුවිට. කිරිඇල්ල යන ප්‍රදේශ රැසක පහත්බිම් සහ පහත්බිම් හරහා යන මාර්ග රැසක් ජලයෙන් යටවී තිබිණි.
මේ අතර මල්වල ප්‍රදේශයේ අතුරු පාරක් ආසන්නයේ නිවසක පිටුපස ඉවුරේ තිබූ කළුගල් ගැලවී නිවසට යාබදව පිහිටි කුඩා ප්‍රමාණයේ වෙඳසැලකට හානි වී ඇති බවද අභීත වනසුන්දර මහතා පැවසුවේය.
නිවිතිගල එරබද්ද ප්‍රදේශයේ ස්ථාන කිහිපයක ද, රත්නපුර පොම්පකැලේ සහ රත්නපුර නැගෙනහිර මුද්දුව සිට පාතකඩ ප්‍රදේශය දක්වා ගමන්ගන්නා මාර්ගයේ පස්කඳු කඩාවැටීම් කිහිපයක් වාර්තාවූ බවද ජාතික ගොඩනැගිලි හා පර්යේෂණායතනයේ රත්නපුර ඉංජිනේරු අභිත වනසුන්දර මහතා පැවසුවේය.
ශ්‍රීපාද අඩවියට ඇදහැලූණු මහ වැසි නිසා කුරුගඟේ ජල මට්ටම ඉහළ යාමෙන් බොපත් ඇල්ලේ ද ජල මට්ටම ඉහළ ගොස් තිබුණි.
රත්නපුර ප්‍රදේශයට අදහැලූණු වැස්සේ යම් අඩුවක් අද (14) මධ්‍යහනය වනවිට දක්නට ලැබුණි. එහෙත් දවහල් 12.00 පමණ වනවිට අහස වැහිවළාකුලූවලින් බර විය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
රත්නපුර ගංවතුර බැස යයි