IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


රජය වී මිලදී නොගත්තැයි පොළොන්නරුවේ ගොවීන්ගෙන් චෝදනා

(ඩබ්. ඒ. පියතිලක) 
 
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන් මේ වන විට යල් කන්නයේ අස්වැන්න නෙළමින් පැවැතියත්   රජය හෝ වී අලෙවී මණ්ඩලය විසින්  වී  මිලදී  නොගැනීම නිසා  පෞද්ගලික මෝල් හිමියන් විසින් තුට්ටු දෙකට වී මිලදී  ගන්නා බව ගොවීහු කියති. 
 
පොළොන්නරුව දිස්ත්‍රික්කය පුරා  වී අස්වැන්න  නෙළමින් පවතින බවත්, මෙතෙක් වී අලෙවි මණ්ඩලය හෝ රජය කිසිදු මැදිහත්වීමක් නොවන නිසා  පුද්ගලික වී මෝල් හිමියන්ට අවශ්‍ය පරිදි  තුට්ටු දෙකට වී මිල දී ගන්නා බවද ඔවුහු කියති.  සෑම යල-මහ කන්නයකදීම  අස්වැන්න නෙළීමට මාසයකට පමණ පෙර සිට වී අලෙවි මණ්ඩලය විසින්  දිස්ත්‍රික්කය පුරා දැන්වීම් පළකර  මිලදී ගැනීම් මධ්‍යස්ථාන  අරඹා   වී මිලදී දී ගන්නා බවද, නමුත් මෙම කන්නයේ  වී මිලදී ගැනීමේ මධ්‍යස්ථානවත්  වී සඳහා රජය විසින් නිකුත් කරන සහතික මිලක්වත්  මෙතෙක් සිදු කර නොමැති බවද රජය වී සඳහා සහතික මිලක් නම් කළා නම් පුද්ගලික වෙළෙන්දා එම මිලට  වඩා වැඩි මිලකට  ගොවීන්ගේ වී මිලදී ගන්නා බවද, ඔවුහු කියති.

ගිය මාස් කන්නයේ වී අලෙවි මණ්ඩලය විසින්  නාඩු  වී කිලෝවක් රුපියල් 38ත් සම්බා කිලෝවක් 41කටත් මිලදි ගැනීමට කටයුතු කිරීම නිසා පුද්ගලික වෙළදුන් විසින්  ඉහළ මිලකට ගොවීන්ගේ වී ලබා ගත් බවද, මෙම කන්නයේ අස්වැන්න නෙළීම ආරම්භ කර ඇතැත් ගොවීන්ගේ වී සඳහා මිල නියම කර ඇත්තේ   රජය විසින් නොවන බවද, වී මිල දි ගනු ලබන්නේ  පුද්ගලික වී මෝල් හිමියන් විසින් බවත් මෙම ක්‍රියාව නිසා ගොවින් කබලෙන් ලිපට වැටි ඇති බවත් ඔවුහු කියති.
  
මේ සම්බන්ධයෙන්  වී අලෙවි මණ්ඩලයේ  සභාපති  කස්තිරු අනුරාධනායක මහතා මෙසේ කීය.

“මෙම කන්නයේ වී මිල අපි වැඩි කිරීමට කටයුතු  සිදු කර එය අනුමත කර ගැනීමට කැබිනට් මණ්ඩලයට කරුණු  ඉදිරිපත් කළා. එය අනුමත වු පසු නාඩු කිලෝවක් සඳහා සහතික මිල රුපියල් 43ක්  ද , සම්බා  කිලෝවක් සදහා රුපියල්  46ක  මිලකට ලබා ගැනීමට සුදානමින් සිටිනනේ.  කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය තාම ලැබී නැහැ.  එය ලැබුණු  විගස පොළොන්නරු දිස්ත්‍රික්කයේ  මධ්‍යස්ථාන  25ක් පමණ විවෘත කර වී මිලදී ගැනීම් කටයුතු සිදු කරනවා” යැයි සභාපතිවරයා පැවැසීය.



අදහස් (0)

රජය වී මිලදී නොගත්තැයි පොළොන්නරුවේ ගොවීන්ගෙන් චෝදනා

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 190 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1208 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 318 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 386 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 398 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 283 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 275 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1619 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1509 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site