(රොමේෂ් මධුෂංඛ)
අර්තාපල් සඳහා සහනදායි මිලක් නොමැති වීමත් ආනයනික අර්තාපල් හේතුවෙන් ගැටලු රැසක් ඇති වීමත් හේතුවෙන් යාපනයේ ගොවීහු පීඩාවට පත්ව සිටිති.
යාපනයේ පොන්නාලේ හා කඩ්ඩුවාන් යන පළාත්වල ගොවීන් වගා කළ අර්තාපල් වගාවල අස්වැන්න නෙළීමේ කටයුතු මේදිනවල සිදුවන නමුත් අර්තාපල් මිලදී ගැනීමේ මිල ඉතා සීඝ්රයෙන් පහත වැටෙමින් පවතින බව ඔවුහු පවසති.
පෙබරවාරි මාසයේ අවසන් සතිවලදී අර්තාපල් කිලෝවක් රුපියක් 60ක තොග මිලකට පැවතියද එම මිල මේ වන විට රුපියල් 50 දක්වා පහත වැටී ඇති බවත් ඉදිරි කාලයේදී යාපනයේ අර්තාපල් අස්වැන්න නෙළීම වැඩි වනවිට කිලෝවක් රුපියල් 30 දක්වා පහත වැටෙන තත්වයක් පවතින බවත් ගොවීහු පවසති.
යාපනයේ අල වගා කරන්නන්ගේ සංගමයේ උප සභාපති එස්. චන්ද්‍රසේකරන් මහතා සදහන් කළේ රජය අර්තාපල් ආනයනික බද්ද වැඩි කළද යාපනයේ අල ගොවීන්ගේ ප්‍රශ්නයට විසඳුමක් නොලැබෙන බවයි.
අල ගොවීන්ගේ සංගම් රජය සමග සාකච්ඡා කළ අවස්ථාවේදී රටේ අර්තාපල් අල සැපයුම නුවරළියේ හා යාපනයේ ගොවීන්ට ලබා දිය හැකි බැවින් අර්තාපල් ආනයනය සීමා කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියද එම ඉල්ලීමටද සහනයක් නොලැබුණු බවද ඔහු කියා සිටියේය.
රටේ අර්තාපල් අවශ්‍යතාවය නිවැරදිව ගණන් බලා ඒ ප්‍රමාණය නිපදවීමේ වගකීම යාපනයට හා දිවයිනේ අල වගාකරන සෙසු පළාත්වලට ලබා දෙන මෙන් අල වගා කරන්නන්ගේ සංගමය ඉල්ලා සිටියි.
අල ආනයනය කිරීම සඳහා විශාල මුදලක් නිකරුණේ වැය වන බව පවසන යාපනයේ අල ගොවීන් කියා සිටියේ අලෙවි කිරීමට නිසි පහසුකම් නොමැති නිසා ඇතැම් පළාත්වල අල ගොවීන් එම වගාව අතහැර දමා ඇති බවයි.
සාධාරණ මිලකට අල අලෙවි කරගැනීමට නොහැකි නිසා යාපනයේ ගොවීන් අල වෙනුවට රතුළූණු වගාවට යොමුව ඇති යාපනයේ අල ගොවීහු වැඩිදුරටත් කියා සිටියහ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
යාපනයේ අල ගොවීන් අමාරුවේ
sarath Wednesday, 06 March 2019 08:48 AM
අලගොවියෝ වගේද , ලොක්කන්ට ලැබෙන පගාව
රවින් Wednesday, 06 March 2019 09:06 AM
සාමාන්‍ය වෙළෙඳ පලෙහි මිල ගණන් සැක හැර දැනගත හැකි ක්‍රම වේදයක් ලංකාව තුල ස්ථාපිත කල යුතුවේ. එවිට ගොවියා හට සැහෙන ප්‍රමාණයකින් මිල ගණන් පාලනය කර ගත හැක. අස්වනු නෙලීමට ප්‍රථම වෙළෙඳපල මිලගණන් ගොවියා දැන ගත්විට තම අස්වනු නෙලීම ක්‍රමානුකුල ක්‍රමවේදයකට කිරීමෙන් සැමදෙනා හට සාදාරණ මුදලක් ලබාගත හැක. දැනට ගොවින් භාවිතා කරනුයේ අස්වනු නෙලාගත් පසු වෙළඳ පොළ සොයන ක්රමවේදයයි. එවිට වැඩි වාසි අත්වනුයේ වෙළෙන්දා හටයි. මිල ගණන් ජංගම දුරකථන මාර්ගයෙන් ලබා ගැනීමට සැලැස්වීමෙන් තම වෙළෙඳ භාණ්ඩ සාදාරන මිලකට අලවිකරගත හැකි වෙනු ඇත.