(විනීතා එම් ගමගේ)
මොනරාගල කුඹුක්කන ප්‍රදේශයේ චීන සමාගමක් විසින් පවත්වාගෙන යන ජෛව ඉන්ධන බලාගාරයකින් කුඹුක්කන් ඔයට මිශ්‍ර වූ ලී කුඩු හේතුවෙන් පරිසර විනාශයක් සිදුවී ඇතැයි දැනුම් දෙමින් මධ්‍යම පරිසර අධිකාරිය විසින් මොනරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් මොනරාගල මහේස්ත්‍රාත්වරයා අදාල චීන සමාගමට නොතීසි නිකුත් කර ඇත.
කුඹුක්කන් ඔය අසබඩ ඇති මෙම බලාගාරයේ සිසිලන යන්ත්‍රවල ඇතිවූ කාන්දුවක් නිසා ගලාගිය ජලයට මුසු වූ ලී කුඩු ඔයේ ජලයට මුසුවීමෙන් මෙම දූෂණය සිදුවී ඇතැයි මධ්‍යම පරිසර අධිකාරියේ ඌව පළාත් සහකාර අධ්යක්ෂ කේ.ජී.එස් රුක්ෂාන් මහතා අධිකරණයට කළ පැමිණිල්ලේ ස`දහන් වේ.
මේ වනවිට එම සමාගමේ පරිසර ආරක්ෂණ බලපත්‍රය ලබාදීම නවතා ඇතැයි ද ඔහු අධිකරණයට දන්වා ඇත.
මෙම බලාගාරය ගිනිසීරියා දැව පිලිස්සීමෙන් විදුලිය නිපදවීම සිදුකරන අතර දිනකට එම දැව ටොන් 150 ක් අවශ්‍ය බවත් එම දැව පිළිස්සීමට පෙර කුඩු බවට පත් කරන අතර එසේ කුඩුකර ගබඩා කර තිබූ ලී කුඩු සිසිලන යන්ත්‍රයක ඇතිවූ කාන්දුවකින් ගලා ගිය ජලය සමඟ කුඹක්කන් ඔයට මුසුවීම මෙම හානියට මුල් වූ බව ද හෙතෙම අධිකරණයට දන්වා ඇත.
එම දැවකුඩුවල ඇති කහට ගතිය හා තෙල් වැනි තත්ත්වය නිසා ඔයෙහි ජලයේ තට්ටුවක් ඇතිවී ඇති බවත් එම ජලය මධ්‍යම පරිසර අධිකාරිය විසින් පරීක්ෂා කළ බවත් විෂ සහිත තත්ත්වයක් නොමැති බව හෙලි වූ බවත් මේ සම්බන්ධව ලංකාදීපය කළ විමසීමක දී මධ්‍යම පරිසර අධිකාරියේ ඌව පළාත් සහකාර අධ්යක්ෂ කේ.ජී.එස් රුක්ෂාන් මහතා ලංකාදීපයට පැවැසීය.
එහෙත් ජලය පිරිසිදු කරන තුරු එම ජලය භාවිතා නොකිරීමට ජලසම්පාදන මණ්ඩලය තීරණය කර ඇති බවත් හෙතෙම කියා සිටියේය.
මෙම චීන සමාගම එහි යම් යම් ඉදිකිරීම් කටයුතු තවත් චීන සමාගමකට භාර දී ඇතැයි ද එමගින් කළ අතපසුවීම් මෙම ප්‍රශ්නවලට හේතු වී ඇතැයි ද සහකාර අධ්යක්ෂවරයා පැවසීය.
ඔය දෑලේ සිට මීටර් 60 ක් දක්වා ප්‍රදේශයේ කිසිඳු ඉදිකිරීමක් සිදුනොකිරීමට නියෝග කර ඇතත් එහි ළිං හයක් ඉදිකර තිබු බව පෙන්වා දුන් රුක්ෂාන් මහතා එම ළීං සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් නිර්දේශ අරන්දෙන්නට මාසයක් කල් දුන් නමුත් එය සිදු නොකළ බවත් මෙවැනි ප්‍රශ්න නිසා එම ආයතනයට පරිසර බලපත්‍රය ලබා නොදීමට පියවර ගත් බවත් මේ වනවිට අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් කියා සිටියේය.
මෙම ජෛව ඉන්ධන බලාගාරයකින් කුඹුක්කන් ඔයට මිශ්‍ර වූ ලී කුඩු හේතුවෙන් මොනරාගල මඩුල්ල හා ඔක්කම්පිටිය ප්‍රදේශවල ජල සැපයීම සම්පූර්ණයෙන් නවතා දමා ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය කියයි.
මේ හේතුවෙන් එම ප්‍රදේශවල ජල පාරිභෝගික පවුල් 10000 ක පුද්ගලයන් 50000 කට අධික පිරිසක් පීඩාවට පත්ව ඇතැයි පැවැසේ. මෙම අපද්‍රව්‍ය ඉවත්කර පොම්පාගාරය පිරිසිදු කිරීමෙන් පසුව ජලය ලබා දීමට දින කිහිපයක් ගතවනු ඇතැයි ද ජලසම්පාදන මණ්ඩලය දන්වා තිබේ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මොනරාගල දැව බලාගාරයකට එරෙහිව මධ්‍යම පරිසර අධිකාරිය අධිකරණයට
ලුම්බිණි Saturday, 03 August 2019 12:19 AM
මේ අගේ දේවල් වලට කවුද අනුමැතිය දුන්නේ. චීන්නු ගිය හැම රටක්ම විනාශ කරලා තමයි නවත්තන්නේ.