(මනෝජ් හර්ෂික)
“රට වෙනුවෙන් එකට සිටිමු” ජාතික සංවර්ධන වැඩසටහනේ සිව්වැන්න අද (03) සිට (08) වැනි දින දක්වා මුලතිව් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 06ක් ඉලක්ක කරගෙන පැවැත්වේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයකට අනුව ජනාධිපති ලේකම් කාර්යාලය මෙම වැඩ සටහන ක්‍රියාත්මක කරයි.
ජනාධිපති ලේකම් කාර්යාලය ජාතික මට්ටමෙන් මෙහෙයවනු ලබන ජාතික වකුගඩු නිවාරණ වැඩසටහන, ග්‍රාම ශක්ති වැඩසටහන, ස්මාර්ට් ශ්‍රී ලංකා වැඩසටහන, ජාතික ආගමික වැඩ සටහන, ජාතික පාරිසරික සංරක්ෂණ වැඩසටහන, ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන, තිරසර පාසල් සංවර්ධන වැඩ සටහන, සුරකිමු දරුවන් වැඩ සටහන, විශේෂ අවශ්‍යතා ඇති වැඩිහිටියන් සවිබල ගැන්වීමේ වැඩ සටහන් මේ යටතේ ක්‍රියාත්මක වේ.
එමෙන්ම අනෙකුත් රාජ්‍ය ආයතන ඔස්සේ විසඳාගත යුතු මහජන ගැටලු හඳුනාගෙන රාජ්‍ය යාන්ත්‍රණය උපරිම කාර්යක්ෂමතාවයෙන් එම ගැටලු විසදීමට කටයුතු කිරීම මෙම වැඩසටහන තුළින් සිදුකෙරේ.
මුලතිව් දිස්ත්‍රික්කයට අයත් මුහුදුබඩ පත්තුව, පුදුකුඩිඉරිප්පු, ඔඩ්ඩුසුඩාන්, තුනුක්කායි, මාන්තෙයි නැගෙනහිර හා වැලිඔය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 06ක් කේන්ද්‍ර කර ගනිමින් ග්‍රාම සේවා වසම් 136ක් ආවරණය වන පරිදි ව්‍යාපෘති 1144ක් මෙම වැඩසටහන යටතේ ක්‍රියාත්මක වේ.
මේ සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය හා රජයේ අනෙකුත් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත මණ්ඩල හා ත්‍රිවිධ හමුදාව මෙන් ම පෞද්ගලික අංශය ද මහජන වැඩසටහන් සඳහා එක් වී ඇති බව මුලතිව් දිස්ත්‍රික් ලේකම් රූපාවතී කේදිස්වරන් මහත්මිය සඳහන් කළාය.
ජාතික වැඩසටහන්වලට අමතරව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ජනතාවට විසඳාගත යුතු මහජන අවශ්‍යතා සැලකිල්ලට ගෙන හැඳුනුම්පත් නිකුත්කිරීම, ඉඩම් බලපත්‍ර ලබාගැනීම, තැපැල් හැඳුනුම්පත් නිකුත් කිරීම, සමාජසේවා සහන කටයුතු, පුනරුත්ථාපන හා නැවත පදිංචිකිරීම් යනාදී මහජන අවශ්‍යතා සඳහා විසඳුම් ලබාදෙන රාජ්‍ය ආයතන සම්බන්ධ කර ගනිමින් මහජන ගැටළු විසඳීමේ ජංගම සේවාවක් ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ක්‍රියාත්මක වේ.
මුලතිව් දිස්ත්‍රික්කයේ ගම්මාන 632ක් ඉලක්ක කරගෙන ග්‍රාම ශක්ති වැඩ සටහන් 62ක් ද ජාතික ආහාර සුරක්ෂිතතා වැඩසටහන් 10ක් ද, පරිසර සුරක්ෂිතතා වැඩ සටහන් 111ක් ද, මත්ද්‍රව්‍ය නිවාරණ වැඩ සටහන් 151ක් ද, වකුගඩු නිවාරණ දැනුවත් කිරීමේ වැඩසටහන් 116ක් ද, පාසල් දරුවන් වෙනුවෙන් තිරසර අධ්‍යාපනික වැඩසටහන් 55ක් ද, විශේෂ අවශ්‍යතා සහිත වැඩිහිටි පුද්ගලයන්ගේ සුභ සාධනය වෙනුවෙන් වැඩසටහන් 95ක් ද, සුරකිමු දරුවන් වැඩ සටහන් යටතේ දැනුවත් කිරීමේ වැඩ සටහන් 57ක් ද මේ යටතේ ක්‍රියාත්මක වන බව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
මුලතිව් දිස්ත්‍රික්කයේ ගම්මාන 632 ක් සඳහා සංවර්ධන වැඩසටහනක්