IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මී උණ රෝගය පැතිරීමේ අවදානමක්

(ඩයනා උදයංගනී)

යල කන්නයේ වී වගා කටයුතු ආරම්භ වී තිබීමත්, රට පුරා පුරන් කුඹුරු අස්වැද්දීමට ඇති නැඹුරුවත් හේතුවෙන් මී උණ රෝගය ව්‍යාප්තවීමේ ඉහළ අවදානමක් පවතින බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය පවසයි.

එමෙන්ම මේ දිනවල පවතින වැසි තත්ත්වය නිසාත් මෙම රෝගය ව්‍යාප්ත විය හැකි බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.

මී උණ රෝගය බැක්ටීරියාවක් මගින් ඇතිවන අතර එය මීයන්, ඌරු මීයන්, ගවයන් වැනි සතුන්ට ආසාදනය වී ඔවුන්ගේ මුත්‍රා සමඟ පරිසරයට නිදහස්ව දිය කඩිති, කුඹුරු ආදියේ වර්ධනය වෙමින් මිනිස් ශරීරයේ තුවාල හරහා ශරීරගත වන බව අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

තද උණ, මස්පිඬුවල (විශේෂයෙන්ම බත් කෙණ්ඩ හා කොන්දේ) තදබල වේදනාව, ඇස් රතු පැහැවීම, වමනය, හිසරදය, මුත්‍රා තද පැහැයක් ගැනීම හා  මුත්‍රා පිටවීම අඩුවීම මෙහි රෝග ලක්‍ෂණ වේ.

කුඹුරු ආශ්‍රිත මීයන් ගහණය පාලනය කිරීම, ජලය එක්රැස්වන ස්ථාන අවම කිරීම, තුවාල ජලය ඇතුළු නොවන සේ ආවරණය කරගැනීම, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් මී උණ බහුල ප්‍රදේශවල කුඹුරු ගොවිතැන් කරන්නන් වෙනුවෙන් ලබාදෙන ඖෂධය ලබාගෙන සතියකට වරක් පානය කිරීම මගින් මෙම රෝගය වළක්වා ගත හැකි බව එම නිවේදනයේ දැක්වේ.

ප්‍රතිකාර ලබාගැනීම පමාවීමෙන් ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට බලපෑම් ඇතිවී මරණයට පත්වීමට පවා ඉඩ ඇති බැවින් රෝග ලක්‍ෂණ ඇත්නම් වහාම රජයේ රෝහලකට හෝ වෛද්‍යවරයකු වෙත ගොස් ප්‍රතිකාර ලබාගත යුතු බව ද එහි සඳහන් වේ.

විශේෂයෙන් පුරන් කුඹුරක කටයුතු කරන්නේ නම් රෝගය වැළඳීමේ අධි අවදානමක් ඇති නිසා එවන් කටයුතුවල නිරත අය ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හමුවී උපදෙස් ලබාගැනීම වැදගත් බව ද සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය පවසයි.



අදහස් (0)

මී උණ රෝගය පැතිරීමේ අවදානමක්

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 190 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1208 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 318 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 386 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 398 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 283 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 234 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1450 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site