මනුල වික්‍රම
ජනාධිපතිවරයා විසින් නම්කර ඇති දිනට ඉදිරි මහ මැතිවරණය පැවැත්විය යුතු බවට අදාළ අංශ වෙත දැනුම්දීමේ යෝජනාවක් අද (4) අනුරාධපුර මහ නගර සභාව සම්මත කළේය.
නගරාධිපති එච්. බී.සෝමදාස මහතා විසින් ගෙන එන ලද එම යෝජනා ආණ්ඩු පක්ෂයේ නාගරික මන්ත්‍රී නීතිඥ රංජිත් රාජකරුණා මහතා විසින් ස්ථිර කරනු ලැබු අතර අදහස් දැක්වීමෙන් පසුව පැවැති ඡන්ද විමසීමේ දී යෝජනාවට පක්ෂව ඡන්ද 14ක් ද විපක්ෂව ඡන්ද 10ක් ද හිමිවිය.
විපක්ෂයේ එක් මන්ත්‍රීවරයෙක් ඡන්දය භාවිතා කිරීමෙන් වැළකී සිටි අතර මුළු මන්ත්‍රීවරුන් 26 දෙනාගෙන් එක් මන්ත්‍රීවරයෙක් සභාවට පැමිණ සිටියේ නැත.
යෝජනාව ඉදිරිපත් කළ නගරාධිපතිවරයා වසර තුනක් තිස්සේ රට අරාජික වීමෙන් කැළඹීමට පත් සාමාන්‍ය මහජනතාවගේ මතය අදාළ පුද්ගලයින්ගේ දැන ගැනීම සඳහා මෙම යෝජනාව ඉදිරිපත් කරන බව කියා සිටියේ ය.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් නීතිමය තත්ත්වයන් ගෙනහැර දැක්වූ රංජිත් රාජකරුණා මන්ත්‍රීවරයා නීති පොතේ ඇති දේවල් වලට වඩා මහජන මතය ඉස්මතු කර අතීත විනිසුරුවරුන් වැදගත් නඩු තීන්දු දී ඇති පූර්වාදර්ශ අධිකරණයේ ඇතැයි කීවේ ය.
ඡායාරූපය - දයාරත්න ඇඹෝගම
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
මැතිවරණයක් පැවැත්විය යුතු බවට යෝජනාවක් අ’පුරෙන් සම්මත වෙයි