(සමන් විජය බණ්ඩාර)
මාවනැල්ලේ විශේෂ සභාව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් හා විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර අද (22) උණුසුම් වචන හුවමාරුවකින් පසුව ගැටුමක් ඇති විය.
පසුව සභාපතිවරයා විසින් සභාව විනාඩි 10 කට කල් තැබීමක් ද සිදු කරන ලදී.
මාවනැල්ල ප්‍රාදේශීය සභාව එහි සභාපති එජාපයේ අනුර චන්දන ජයවන්දල මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය සභා ගර්භයේදී රැස් විය.
එහිදි සභාපතිවරයා සභාව රැස්කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවසුවේ මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සේවක වැටුම් ගෙවීම් මාවනැල්ලේ දැනට දැවෙන ප්‍රශ්නයක් බවට පත් වි ඇති කැලි කසල ප්රශ්නය වැනි දැවෙන ප්‍රශ්න වෙනුවෙන් අනුමැතියක් ලබාගැනීමට විශේෂ සභාවයක් කැඳවු බවයි.
මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ සභිකයන් විසින් මාවනැල්ලේ ජනතාවට සිදුවිය යුතු යුතුකමක් ඉටුකර ගැනීම වෙනුවෙන් සභාව එදින කැඳවු බව වැඩිදුරටත් අදහස් දක්වමින් කීය. එම අවස්ථාවේ ආණ්ඩු පක්ෂය හැටියට කටයුතු කරන එජාපයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම අදහස් දක්වමින් පැවසුයේ මෙම කටයුතු වලට විපක්ෂය විසින් බාධා නොකරන ලෙසටයි. පසුගිය සභාවාර දෙකට වැඩි ප්‍රමාණයක් එලෙස බාධා කිරිම් මත කිසිදු අරමුණකින් තොරව අවසන් වු බවද සභාව හමුවේ පැවසීය.
එහිදි විපක්ෂ නායක පොදුජන පෙරමුණේ මන්ත්‍රී කේ.ජි. පියතිස්ස මහතා අදහස් දක්වමින් සභාව හමුවේ පැවසුයේ අද දිනයේ ඉදිරිපත් කර තිබුණු යෝජනා වලට විපක්ෂයේ විරෝධතාවයක් නොමැති බවයි. නමුත් අද දිනයේ හිටි හැටියේම සභාව කැඳවීම සම්බන්ධයෙන් සිය විරෝධතාවය ප්‍රකාශ කරන බවයි. සතියේ වැඩ කරන දින දෙකකට කලින් විශේෂ සභාවක් පවත්වන්නේ නම් මන්ත්‍රීවරුන්ට දැනුම් දීමක් සිදුකර සභාවක් පැවැත්විය හැකි බව සභාව හමුවේ අදහස් දක්වමින් පැවසීය.
එහිදි සභාව උණුසුම් වු අතර සභාපතිවරයා විසින් අදහස් දක්වමින් පවසා සිටියේ අද දිනයේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ ගැසට් පත්‍රයේ පනත අනුව සභාව නිත්‍යානුකූලව කැඳවා ඇති බවයි. එහිදි එජාපයේ පුතුල උඩගම මන්ත්‍රීවරයාද අදහස් දක්වමින් සභාව නියමිත පරිදි පනතට අනුව කැඳවා ඇති බවත් විපක්ෂයට කවුරු හරි කෙනෙකු වැරදි මතයක් ලබා දි නොමඟ යවා ඇති බව සභාව හමුවේ අදහස් දක්වමින් පැවසීය.
එහිදි දෙපිරිස අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු වු අතර එජාපයේ මන්ත්‍රී ඉස්මායිල් රීසා මහතා විසින් තම ආසනයෙන් ඉදිරිපිටට පැමිණ විපක්ෂ නායකවරයාට සහ විපක්ෂ මන්ත්‍රීවරුන්ට අත දිගු කරමින් බැන වැදීම හේතුවෙන් සභාවේ ගැටුම ආරම්භ විය.
දැනට මාවනැල්ල ප්‍රාදේශීය සභාව නියෝජනය කරන මන්ත්‍රීවරු ගණන 40 දෙනෙක් වන අතර එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීධූර 16 ක් හා විපක්ෂයට 16 ක්ද ශ්‍රීලනිප 5 ක් සහ ස්වාධීන පක්ෂ දෙකක මන්ත්‍රීවරුන් දෙදෙනෙක් ද ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරයාද සිටිති.
සභාව මුලින් පිහිට විමේදී ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගේ සහ ස්වාධින කණ්ඩායම්වල මන්ත්‍රීවරුන්ගේ සහායෙන් එජාපයේ ආණ්ඩුවක් සභාවේ පිහිටුවා මේ වන තෙක් පවත්වාගෙන එන අතර අද වන විට ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 5 දෙනාගෙන් සිව් දෙනෙක් විපක්ෂය වෙනුවෙන් සහයෝගය ලබා දෙති.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මාවනැල්ලේ ප්‍රා. සභාව උණුසුම් වෙයි