(මහේෂ් කිර්තිරත්න)
මාතලේ මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති ධූරය සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු නාගරික මන්ත්‍රී අයි.එන්.ඉන්ද්‍රරත්න මහතා අද (16) තේරි පත් විය.
මාතලේ මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති තෝරා පත් කර ගැනිම සදහා මධ්‍යම පළාත් පාලන දෙපාර්තමේන්තුවේ පළාත් පාලන කොමසාරිස් එම්.එම්.යු බි හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ මහ නගර සභා රැස්විම් ශාලාවේ දී ඡන්ද විමසිම පැවැත්විණි.
නියෝජ්‍ය නගරාධිපති ධුරය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු නාගරික මන්ත්‍රී අයි.එන්.ඉන්ද්‍රරත්න මහතාගේ නම නගරාධිපති සන්දනම් ප්‍රකාශ් මහතා යෝජනා කළ අතර පොදුජන පෙරමුණු මන්ත්‍රී රන්දික විරසිංහ මහතා ස්ථිර කළ අතර එක්සත් ජාතික පක්ෂයේ කේ.ජි.ආර්.එම්. සෆරුල්ලා මහතාගේ නම එම්,සෆරුල්ලා මහතා නම යෝජනා කළ අතර මන්ත්‍රි ආනාස් රියාල් මහතා ස්ථිර කළේය.
ඡන්ද විමසිම විවෘත ඡන්දයක් ලෙස පැවති අතර එහිදී ඉන්ද්‍රරත්න මහතා ඡන්ද 10ක් ලබා ගත් අතර කේ.ජි.ආර්.එම්. සෆරුල්ලා මහතා ඡන්ද හතරක් ලබා ගත් අතර මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ඡන්දය දීමෙන් වැළකී සිටියහ.
මෙම ඡන්ද විමසිම සදහා ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රි මොහොමඩ් නිලාෆ්,එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් වන තුෂාර ප්‍රනාන්දු,නිශාන්ති සෙනවිරත්න,ස්ටෙෆාන් බෙරෙන්ජර් යන මහත්වරුන් සහභාගී වී නොසිටියහ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මාතලේ උප නගරාධිපති ධූරයට මන්ත්‍රී අයි.එන්.ඉන්ද්‍රරත්න