IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මයිලඩ්ඩි අක්කර 4ක් යළි මුල් පදිංචිකරුවන්ට

වන්නි රොමේෂ් මධුෂංඛ
 
යුද්දය හේතුවෙන් වසර 30ක් පුරාවට ආරක්ෂක අංශ භාරයේ පැවති යාපනය මයිලඩ්ඩි උතුර ග්‍රාම සේවා වසමට අයත් ප්‍රදේශයන්හි ඉඩම් අක්කර 4යි පර්චස් 44 ක භූමි ප්‍රමාණයක් අද (06)  මුල් අයිතිකරුවන් වෙතට භාර දීම සිදු විය.
 
යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයේ ඉඩම් මුල් අයිතිකරුවන් වෙත  භාර දීම සඳහා යාපනය දිසාපති නාගලිංගම් වේදනායගම් මහතා ට භාර දීම සිදු විය.
 
මේ අනුව මයිලඩ්ඩි උතුර ග්‍රාමසේවා වසමට අයත් අක්කර 2 පර්චස් 75 ක් භූමි ප්‍රදේශයේ පිහිටි මයිලඩ්ඩි කලෙයිමගල් මහා විද්‍යාලය සහ කුරුම්බ සෙඩ්ඩි ග්‍රාමසේවා වසමට අයත් සමූපකාර ගොඩනැගිල්ල සහ ප්‍රජාශාලාව මෙන්ම එය ඇතුලත් පර්චස් 80 ක භූමි ප්‍රමාණයක්ද අනෙයිකොට්ටේ ප්‍රදේශයේ පිහිටි අක්කර 1 යි පර්චස් 19 ක් භූමි ප්‍රමාණයක්ද නිදහස් කැරිණි.
 
යුද්දය හේතුවෙන් ආරක්ෂක පියවරක් වශයෙන් අදාල ඉඩම් අධිආරක්ෂිත කලාපයක් වශයෙන් වසර 30 ක කාලයක් පැවති අතර යුද්දය නිමාවීමෙන් පසුව එම ප්‍රදේශයන්හි බිම්බෝම්බ ඉවත් කිරීමෙන් පසුව අදාල ඉඩම් මුල් අයිතිකරුවන් වෙතට භාරදීම එසේ සිදු විය.
 
ඉඩම් මුල් අයිතිකරුවන් වෙතට ලබා දීමේ අවස්ථාවට යාපනය  දිසාපති නාගලිංගම් වේදනායගම් , ප්‍රධාන මාණ්ඩලික නිලධාරී බ්‍රිගේඩියර්  රසික කරුණාතිලක , උතුරු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක උදයකුමාර්,  තෙලිප්පලෙයි  ප්‍රාදේශීය ලේකම් එස්.සිවාශ්‍රී ඇතුලු   පිරිසක් ද සහභාගී වී සිටියහ.



අදහස් (0)

මයිලඩ්ඩි අක්කර 4ක් යළි මුල් පදිංචිකරුවන්ට

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 190 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1208 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 318 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 386 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 398 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 283 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 220 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site