IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


බෝපෙ පෝද්දල ප්‍රා. සභාවේ අයවැය වැඩි ඡන්ද 11 කින් සම්මතයි

(සිරංගිකා ලොකුකරවිට)

බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ 2021 වසර සඳහා ඉදිරිපත් කරන ලද අයවැය අද (17) වැඩි ඡන්ද 11 කින් සම්මත විය. අයවැයට පක්ෂව ඡන්ද 15ක් ලැබුණු අතර විරුද්ධව ඡන්ද 04ක් ලැබිණි. එක් මන්ත්‍රීවරයකු ඡන්දය දීමෙන් වැළකී සිටි අතර මන්ත්‍රීවරු දෙදෙනකු අද දින ප්‍රාදේශීය සභා රැස්වීමට පැමිණ සිටියේ නැත.

අයවැය ලේඛණය බෝපෙ පෝද්දල ප්‍රාදේශීය සභාවේ සභාපති දිල්රුක් අබේකෝන් මහතා විසින් සභාවට ඉදිරිපත් කරනු ලැබීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමිව තිබෙන බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 11දෙනාට අමතරව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු දෙදෙනකු වන ඩඩ්ලි ඩන්ස්ටන් මහතා සහ හුසේන් කියාස් මහතා ද  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු දෙදෙනා ද අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ. අයවැයට පක්ෂ වූ හුසේන් කියාස් මහතා පසුගිය මහ මැතිවරණයට සමගි ජන බලවේගයෙන් ගාල්ල දිස්ත්‍රික්කයට තරඟ කළ අපේක්ෂකයෙකි.

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් වන ප්‍රේමලාල් අබේසේකර මහතා, රංගනී කුමාරි මහත්මිය සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් වන ඉන්දික විජේවික්‍රම මහතා සහ අනිල් බන්දුතිලක මහතා අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කේ.යූ.ජී.යසරන්ත මහතා ඡන්දය දීමෙන් වැළකී සිටියේ ය. එක්සත් ජාතික පක්ෂයේ, ශාමිකා අතුකෝරල සහ ටෙක්ලා ශ්‍යාමලී ගීගනගේ යන මන්ත්‍රීවරියන් සභාවට පැමිණ සිටියේ නැත.



අදහස් (0)

බෝපෙ පෝද්දල ප්‍රා. සභාවේ අයවැය වැඩි ඡන්ද 11 කින් සම්මතයි

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 190 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1208 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 318 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 386 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 398 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 283 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1532 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1426 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site