දයාරත්න ඇඹෝගම
ගලෙන්බිඳුනුවැව ප්‍රාදේශී ලේකම් කොට්ඨාසයට අයත් ,යකල්ල පුබුදුගම මාර්ගයේ බොක්කු ප්‍රමිතියකින් තොරව ඉදිකිරිම නිසා එම ගම්මානයේ නිවාස කුඩා වැස්සටත් යට විමෙන් තමන් දැඩි අපහසුතාවයකට පත්ව සිටින බවට ගම්වාසීහු චෝදනා කරති.
පවුල් 200ට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මාර්ගය හරහා යොදා ඇති බෝක්කු මාර්ගය කානු පද්ධතියට වඩා උසින් සෑදීමෙ හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බව ඔවුහු පවසති.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු ගලෙන්බිදුණුවැව ප්‍රාදේශීය සභාවේ එජාප මන්ත්‍රි අජිත් ගුණවර්ධන මහතා මෙසේ පැවසීය.
‘‘මෙම ගම්මානයට පිවිසෙන මාර්ගය 2016 වසරේ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය මගින් යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය සදහා රුපියල් ලක්ෂ 9.80,290.67 ක මුදලක් වෙන් කොට තිබුනා. පලුගොල්ලාගම අරුණෝදය ග්‍රාම සංවර්ධන සමිතිය මගින් 2016/12/07 දින ව්‍යාපෘතිය ආරම්භ කොට 2016/12/30 වන දින වැඩ අවසන් කලා.නමුත් අදාල ඉදිකිරිම් නිසි නිසි ආකාරයට සිදුවෙලා නැහැ. ‘‘
මේ සම්බන්ධයෙන් ගලෙන්බිදුණුවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රකාශකයෙක් මෙසේ පැවසීය.
‘‘මෙම මාර්ගයේ බොක්කු ඉදිකිරීම සඳහා වෙන්කළ මුදල් සම්පුර්ණයෙන්ම යොදවන්න බැරිවුනා. කොටසකින් පමනයි බොක්කු දමා තිබෙන්නේ.පසුගිය වසරේ වැස්ස නිසා ඉදිකිරීම් කරන්න බැරිවුණා. ඒ නිසා එම මුදලින් කොටසක් ආපසු යවන්න සිද්ධ වුණා.
මාර්ගයේ ඉතිරි බොක්කු දැමීම සඳහා මුදල් ඉල්ලා තිබෙනවා.මේ බව සම්බන්ධිකරණ කමිටුවටත් දන්වා තිබෙනවා. මුදල් ලැබුනොත් ඉතිරි බොක්කු දමන්න පුලුවන් එහෙම වුනොත් මේ ගැටලුව නිරා කරණය කළ හැකියි.‘‘
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
බෝක්කු බාගෙට හදලා - ගලෙන්බිඳුනුවැව ගමකට යන පාරක් යටවේ