IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


බීමත් පුද්ගලයන් හඳුනාගැනීමේ නව උපකරණයක් නිපදවයි


(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)
 
බීමත් පුද්ගලයන් හඳුනාගත හැකි නව විද්‍යුත් උපකරණයක් ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලය 10වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන  දසුන් සත්සර සෙනරත් රත්නායක සිසුවා විසින් නිපදවා තිබේ.
 
මෙම උපකරණය යම් පුද්ගලයෙකුගේ මුවට ලංකර ප්‍රාශ්වාස කරන වාතය එහි ගැටීමට සැලැස්වූ විට එහි අගයන් සහිත ඉලක්කම් ප්‍රදර්ශනය වෙයි. ශරීරයේ පිටතින් ගත් ඇකොහොල් ඇත්නම් සංඥාවක් නිකුත් කර ‘’Alert” යැයි සටහන් වෙයි. එහි පෙන්වන අගය 500ට වැඩිනම් එම පුද්ගලයාගේ ශරීරයේ ඇලකොහොල් සාන්ද්‍රණය වැඩිය. අගය 400ට අඩුනම් ඇල්කොහොල් භාවිත කර නැත. අගය 500ට අඩුනම් එය සාමාන්‍ය තත්ත්වයකි. එවිට එහි  Normalලෙස සටහන් වෙයි.
 
ඇඹිලිපිටිය මොරකැටිය පාරේ පදිංචි දසුන් සත්සර සෙනරත් රත්නායක නම් වූ මෙම දරුවා නිපදවු නව උපකරණය බීමත් රියදුරන් අල්ලා ගැනීමට උපකාරී වනු ඇතැයි පැවසූ ඇඹිලිපිටිය නාගරික මන්ත්‍රී රුවන් පතිරණ මහතා එය වැඩිදියුණු කිරීමට අවශ්‍ය සහාය ලබාදීමට නගර සභා සභාපති ලලිත් ගමගේ මහතා සමග සාකච්ඡා කරන බව ද කීවේය.
 
බීමත් රියදුරන් නීතියේ රැහැනට හසුකර ගැනීමට පොලීසිය වැනි ආයතනවලට මෙම උපකරණය ලබාදීමට බලාපොරොත්තු වෙයි.                                                             
නව නිර්මාණය කළ  සිසුවා මෙසේ කීය.   

                         
“මේ උපකරණය සංවේදී වෙන්නේ ඇල්කොහොල්වලට විතරයි. ඇනගොල් සංඥාවක්  එකක් ඩිජිටල් සංඥාවක් බවට පත්කරලායි මෙයින් පෙන්වන්නේ. බීමත් පුද්ගලයන් හඳුනාගන්න හොඳ උපකරණයක්. මේක පුද්ගලයෙක් ප්‍රාශ්වාස කරන වාතයේ තියන ඇල්කොහොල් ප්‍රමාණය තමයි මනින්නේ.”   

                           
“සාමාන්‍යයෙන් කෙනෙකුගේ ශරීරයේ යම් ඇල්කොහොල් ප්‍රමාණයක් තියනවා. මත්ද්‍රව්‍යයක් ලෙස ඇල්කොහොල් භාවිතා නොකළත් ඒ ප්‍රමාණය ශරීරයේ තියනවා. එහෙම කෙනෙකුට මේ යන්ත්‍රයෙන් ඔහු ඇල්කොහොල් භාවිත කළ අයකු බව පෙන්වන්නේ නැහැ. මගේ බලාපොරොත්තුව මේ නිර්මාණය තුළින් බීමත් රියදුරන් හඳුනාගෙන දිනපතා සිදුවන රථවාහන අනතුරු ප්‍රමාණය අවම කරගෙන රිය අනතුරුවලින් වන ජීවිත හානිය අවම කරගන්නයි.   

                                                
“එල්පී ගෑස් කාන්දුවක් ඇත්නම් ඒ බව දන්වන උපකරණයක් සෑදීමයි මගේ ඊළඟ අරමුණ. ඒ සඳහා අවශ්‍ය මූලික නිර්මාණ කටයුතු අවසන් කරලා තියනවා. එල්පී ගෑස් විකුණන ව්‍යාපාරික ස්ථානවලට, ගෑස් භාවිත කරන නිවාස වලට එය වැදගත් වෙයි කියලා හිතනවා.”

 



අදහස් (0)

බීමත් පුද්ගලයන් හඳුනාගැනීමේ නව උපකරණයක් නිපදවයි

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 191 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1208 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 318 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 386 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 398 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 283 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site