(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
බස්රථ අනතුරකින් මරණයට පත් වූ දෙදරු මවකගේ දේහය ඔසවාගෙන පැමිණි පිරිසක් අද (09) සවස පුත්තලම කුරුණෑගල මාර්ගය කොට්ටුකච්චිය ප්‍රදේශයේදී අවහිර කරමින් පැයකට ආසන්න කාලයක් විරෝධතාවයක නිරත වූහ.
පසුගිය සිකුරාදා සවස කොට්ටුකච්චිය 10 කනුව මංසන්දියේ උපකාරක පංතියක සිටි දරුවා රැගෙන පාපැදියකින් ගමන් කරමින් සිටි මෙම කාන්තාව කොට්ටුකච්චිය දෙසට ගමන් කරමින් සිටියදී එම දිශාවටම ගමන් කළ පුත්තලම කුරුණෑගල ලංගම බස් රථයක පාපැදිය ගැටී ඇත.
සිද්ධියෙන් තුවාල ලැබූ කාන්තාව රෝහලට රැගෙන ගොස් ඇති අතර පසුව ඇය එදින රාත්‍රීයේ මරණයට පත්ව ඇත. තුවාල ලැබූ දරුවාගේ දිවි ගැලවී තිබුණි.
මෙම අනතුරින් මරණයට පත් වූ කාන්තාවගේ ඥාතීන් ,ප්‍රදේශවාසින් ඇතුළු විශාල පිරිසක් අද සවස අවසන් කටයුතු සඳහා දේහය කොට්ටුකච්චිය පොදු සුසාන භුමියට රැගෙන එන අතර තුර පුත්තලම කුරුණැගල මාර්ගය කොට්ටුකච්චිය ප්‍රදේශයේදී දේහය ඔසවාගෙන විරෝධතාවයේ නිරත වීම හේතුවෙන් පැයකට ආසන්න කාලයක් මාර්ගයේ ගමනා ගමන කටයුතු නැවති තිබුණි.
මාර්ගය වසා විරෝධතාවයේ නිරත වූ පිරිස පසුව දේහය රැගෙන කොට්ටුකච්චිය සුසාන භුමිය වෙත ගමන් කළේ කිසිදු වාහනයකට ගමන් කිරීමට නොහැකි වන අයුරිනි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
බස් රථයට යටවී මියගිය දෙදරු මවගේ දේහය පාරේ තබාගෙන පිරිසක් විරෝධතාවයක
අමිල දයාසිරි Friday, 13 September 2019 02:26 AM
මිනිස්සු හොදයි. වැරදි හිතාමතා නොකරයි. අතපසුවිම් සිදුවිය හැකිය. අවධානයෙන් හා ඉවසිමෙන් කටයුතු කිරිමෙන් වැරදි අවම කර ගත හැකිය. රියදුරන් කලබල විම මෙවැනි අනතුරු සිදුවීමට හේතුවයි.