ක.ග කරුණාරත්න
පොළොන්නරුව මහ රෝහලේ සේවය සඳහා දැන්ට විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයකු නොමැති කම නිසා දැඩි දුෂ්කරතාවකට මුහුණ පෑමට සිදුව තිබෙන බව මහජනතාව කියති.
ඒ හේතුවෙන් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයෙකුගේ සේවය ලබා ගැනීම සඳහා මඩකලපුව මහ රෝහලට යාමට මහජනයාට සිදුවී තිබේ.
අධිකරණ නියෝග මත සැකකටයුතු මරණයක් සම්බන්ධයෙන් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයෙකු ලවා පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකිරීම සඳහා මරණකරුගේ බාරකරුවන් විසින් ඒ මෘත දේහය සිද්ධිය වූ ස්ථානයේ සිට මඩකලපුව මහ රෝහල කරා පෞද්ගලික වියදමින් රැගෙන යා යුතු බව කියති.
ඒ සඳහා පෞද්ගලික මල් ශාලාවකින් අවමංගල රථයක් කුලියට ලබා ගැනීමට සිදුවන අතර දුර ප්‍රමාණය අනුව ඊට අයකරන මුදල වෙනස් වේ.
පොලොන්නරුව රෝහලේ සිට මඩකලපුව මහ රෝහල දක්වා දුර ප්‍රමාණය කිලෝ මීටර් 100 ක් පමණ ය. උදාහරණයක් ලෙස පොළොන්නරුව නගරයේ හෝ ඒ ආසන්නයේ සිට මඩකලපුව මහ රෝහල තෙක් අවමංගල රථයකින් මෘතදේහයක් රැගෙන ගොස් එහිදී පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු නිමවීමෙන් පසු නැවත ආපසු රැගෙන ඒම සඳහා රුපියල් 50,000 කට ආසන්න මුදලක් බාරකරුවන්ට, ඥාතීන්ට දැරීමට සිදුවන බවද පෙන්වා දෙති.
මැදිරිගිරිය, හිඟුරක්ගොඩ, මින්නේරිය, ඇලහැර, බකමූණ වැනි දුර බැහැර ප්‍රදේශයක සිට මඩකලපුව රෝහල දක්වා යාමට සහ ආපසු ඒමට ඊටත් වඩා විශාල ලෙස වැඩිපුර මුදලක් ගෙවීමට සිදුවන බවද අනාවරණය විය.
මේ අතර ලිංගික අපයෝජන, ස්ත්‍රී දූෂණ ආදිය සම්බන්ධයෙන්ද විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයෙකුගේ පරීක්ෂාවට ලක් කිරීම අනිවාර්ය කටයුත්තක් හෙයින් එවැනි රාජකාරිමය අවස්ථාවලදීද බාරකරුවන්ට මෙවැනිම දුෂ්කරතාවට මුහුණ පෑම සිදුව තිබෙන බව පෙන්වා දෙති.
පොළොන්නරුව මහ රෝහලේ සේවය සඳහා විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයෙකු නොමැතිකම හේතුවෙන් මහජනතාව අත් විඳින දුෂ්කරතා මග හැරවීමට පියවර ගන්නා ලෙස මහජනතාව සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
පොළොන්නරුව මහ රෝහලට විශේෂඥ අධිකරණ වෛද්‍යවරයෙක් නෑ