(ජයරත්න වික්‍රමාරච්චි)
සාලියවැව හල්මිල්ලගොල්ලෑවේ පිහිටි කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රී සුමිත් ජයසේකර මහතාගේ පොල් ඉඩමකට කඩා වැදුණු වල්අලි රංචුවක් එහි තිබූ පීදුණු පොල් ගස් 60ක් පමණ විනාශකර දමා ඇතැයි ඒ මහතා පැවසීය.
මීට පෙර අවස්ථා දෙකකදී වල් අලින් මෙසේ තමාගේ පොල් වගාව විනාශ කර දැමූ බවත් එම අවස්ථා දෙකේ දීම විශාල වියදමක් දරා නැවත වගා කළ පොල් වගාවන්ට මෙම ඉරණම අත් වූ බවත් නැවත පොල් වගාවක් කිරීමට බලාපොරොත්තු නොවන බවත් ඒ මහතා කීය.
මේ දිනවල ප්‍රදේශයට පවතින දැඩි නියගය හේතුවෙන් විල්පත්තුව ජාතික වන උද්‍යානයේ වල් අලින් නීලබැම්ම හරහා රාත්‍රී කාලයට මෙසේ ගම්වැදී වගා පාළු සිදු කර අලුයම් කාලයේ ආපසු යන බවට තමා සැක කරන බව මන්ත්‍රීවරයා පැවසීය.
මෙම කරදරය මේ දිනවල තමාට පමණක් නොව කරුවලගස්වැව කොට්ඨාසයටම පවතින ගැටළුවක් බවත් ඒ පිළිබඳව අවධානය යොමුකර අවශ්‍ය පියවර ගන්නා ලෙසට තමා වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටින බවත් සුමිත් ජයසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
අප මේ පිළිබඳව පුත්තලම වනජීවි සහකාර අධ්යක්ෂ ඩබ්ලිව්.එම්.ඒ.එස්.චන්ද්‍රරත්න මහතා ගෙන් විමසීමක් කළ අතර එහිදී ඒ මහතා කියා සිටියේ සිය බල ප්‍රදේශයේ ස්ථාන කිහිපයකින්ම මෙවැනි සිදුවීම් වාර්තා වී ඇති බවත් අදාළ ගැටළුව පාලනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත්ය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
පොහොට්ටුවේ මන්ත්‍රීගේ පොල් වගාව අලි රංචුවක් විනාශ කරලා