(ඔගස්ටින් ප්‍රනාන්දු)
මාරවිල නගරයේ දී පොලිස් වෙඩි පහරකින් මියගිය තරුණයාගේ මරණය සැලසුම් සහගත ලෙස පොලිසිය විසින් සිදුකර ඇතැයි කියමින් හලාවත මුගුණුවටන ප්‍රදේශයේ පිරිසක් අද (8) විරෝධතාවක නිරත වූහ.
මෙසේ මිය ගොස් තිබුණේ මුගුණුවටවන කොහොඹවත්තේ පදිංචිව සිටි ඇම්.ඒ අජිත් ප්‍රසන්න නැමැති 31 හැවිරිදි තරුණයෙකි.
මාරවිල නගරයේදී පසුගිය 5 වන දින රාත්‍රී පොලිස් වෙඩි පහරකින් බරපතල තුවාල ලබා මාරාවිල මූලික රෝහලට ඇතුළත් කර සිටියදී මෙම තරුණයා මියගොස් ඇති බව පොලිසිය ප්‍රකාශ කර තිබුණි.
මිය ගිය තරුණයාගේ සිරුර සම්බන්ධයෙන් අවසන් කටයුතු අද (8) මුගුණුවටවන පොදු සුසාන භූමියේ දී සිදු කෙරුණි.
තරුණයාගේ දේහය සුසාන භූමිය කරා රැගෙන එන අවස්ථාවේදී පිරිසක් මෙම මරණය සැලසුම් සහගත ලෙස සිදුකළ මනුෂ්‍ය ඝාතනයක් බව කියමින් මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් පොලිසියට විරෝධය පලකර විරෝධතාවක නිරත වූහ.
මෙම මෘත ශරීරය සම්බන්ධයෙන් අවසන් කටයුතු සිදුකරන අවස්ථාවේ දී කිසිඳු අකාරයක විරෝධතාවක් නොපවත්වන ලෙසට හලාවත පොලිසියේ ඉල්ලීම මත හලාවත මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් ද නිකුත් කර තිබුණි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
පොලිස් වෙඩි පහරකින් මියගිය තරුණයාගේ මරණය ගැන පරීක්ෂණයක් ඉල්ලා විරෝධතාවයක
samurai Wednesday, 08 May 2019 02:32 PM
අවම බලය යොදල අහසට වෙඩි තියපු වෙලේ මේ තරුණය පියඹා පියඹා ඉන්න ඇති