(දිලීප් ජයසේකර)
අම්බලන්තොට මදුනාගල උණුදිය උල්පත් පිහිටි කැලෑව තුළදී මීට වසර 37කට පෙර 15 හැවිරිදි පිරිමි දරුවෙකුට පොල්ලකින් පහරදී, වස පොවා, බෙල්ල කපා ඝාතනය කිරීමේ වරදට වරදකරු වූ 61 හැවිරිදි පුද්ගලයෙකුට හම්බන්තොට මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා අද (24) මරණ දඩුවම නියම කළේය.
මෙලෙස මරණ දඩුවම නියම වුයේ අදුපැලෑන, කොහොඹගහවත්ත, රන්න පදිංචි සය දරු පියෙකු වු ජයසේකර විදානපතිරණගේ පියදාස හෙවත් කදිරා නැමැත්තාටය.
1982.03.11 වන දින මදුනාගල උණුදිය උල්පත් පිහිටි කැලෑ ප්‍රදේශයේදී පුද්ගලයන් සිව් දෙනෙකු සමග විහාරගල, සුරියවැව පදිංචිව සිටි 15 හැවිරිදි ඇල්ලෙවෙල පහළගේ විමල් වීරසිංහ නැමති අය ඝාතනය කිරීමේ වරදට වරදකරු බවට පත් විය.
සැකකරුට වයස අවුරුදු 24 දී මෙම ඝාතනය සිදු කර ඇත්තේ තවත් පුද්ගලයෙකුගෙන් ලැබුණු කොන්ත්‍රාත්තුවකට අනුවය. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත් වූ අම්බලන්තොට පොලීසිය මිනීමැරීම සදහා කොන්ත්‍රාත්තුව ලබා දුන් පුද්ගලයා, මරණ දඩුවම හිමි වූ පුද්ගලයා ඇතුළු පුද්ගලයන් සිව් දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබුණි.
අධිකරණයට ඉදිරිපත් කෙරුණු සැකකරුවන් සිව්දෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් 2000 වසරේදී මිනි මැරීමේ චෝදනා යටතේ හම්බන්තොට මහාධිකරණයේ නඩු පැවරීම සිදුකර ඇත.
නඩු විභාගය පැවැත්වෙන අතරවාරයේ මෙම මිනීමැරුම සදහා කොන්ත්‍රාත්තුව ලබා දුන් බව කියන පුද්ගලයා මිය ගොස් තිබේ. පසුව ඉතිරි සැකකරුවන් තිදෙනාට එරෙහිව නඩු විභාගය පැවති අතර එහිදී 03 සහ 04 යන චුදිතයින් අදාල චෝදනාවලින් නිදොස්කර නිදහස් කෙරුණු අතර 02 වන චුදිත වු අදුපැලෑන, කොහොඹගහවත්ත, රන්න පදිංචි සය දරු පියෙකු වු ජයසේකර විදානපතිරණගේ පියදාස හෙවත් කදිරා නැමැත්තාට මහාධිකරණ විනිසුරු වරයා මරණ දඩුවම නියම කෙරුණි. ඒ විත්තිකරුට එරෙහිව නගා තිබූ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පුවීම හේතුවෙනි.
විත්ති කරුවන්ට එරෙහිව හම්බන්තොට මහාධිකරණ හමුවේ පවරා තිබූ නඩු විභාගය අවසන් කරමින් 03 හා 04 යන විත්තිකරුවන් අදාළ චෝදනාවෙන් නිදොස් කර නිදහස් කෙරුණු අතර 02 වන විත්තිකරුට එරෙහිව මරණීය දණ්ඩනය නිමය කළ හම්බන්තොට මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා විත්තිකරු ජනාධිපතිවරයා විසින් නියම කරන ස්ථානයකදී වේලාවකදී ගෙළ වැළලා මරණයට පත් කරන තෙක් වැලිකඩ බන්ධනාගාරයට රැගෙන ගොස් එහි සිරකර තබන ලෙසට නියෝග කෙරුණි. පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීනිතීඥ ගයාන් ලක්රුවන් පෙරේරා මහතා පෙනි සිටියේය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පුද්ගල ඝාතනයකට වසර 37 කට පසු මරණ දඬුවම්