(සිතුම් චතුරංග)
වවුනියාව මඩුකන්ද ජාතික පාසලේ පවතින ගුරු හිඟයට කඩිනම් විසඳුම් ලබාදෙන ලෙස බලකරමින් සිසුන්ගේ මව්පියවරු පිරිසක් අද(24) වවුනියාව කලාප අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිට යාපනය , නුවර ඒ නවය ප්‍රධාන මාර්ගය අවහිරකරමින් විරෝධතාවක නිරතවූහ.
විරෝධතාකරුවන් පවසා සිටියේ මඩුකන්ද ජාතික පාසලේ සිසු සිසුවියන් 750 අධික ප්‍රමාණයක් ඉගෙනුම ලබන නමුත් ඔවුන්ට උගැන්වීමට සිටින්නේ ගුරුවරුන් 34දෙනෙකු පමණක් බවයි. මේ හේතුවෙන් ගුරුවරුන්ද අපහසුතාවට පත්ව ඇති අතර, ඇතැම් ගුරුවරුන්ට රාත්‍රී කාලයේදී ද ඔවුන්ට අධ්‍යාපනය ලබාදීමට සිදුව ඇති බව පැවසූහ.
වවුනියාව දකුණ සිංහල ප්‍රාදේශිය සභා මන්ත්‍රී උපාලි සමරසිංහ මහතා පවසා සිටියේ වවුනියාව මඩුකන්ද ජාතික පාසල වවුනියාව දිස්ත්‍රික්කයේ ප්‍රධාන සිංහල පාසල වන බවත් මේ වන විට උසස් පෙළ විෂයන් සඳහා ගුරුවරුන් නොමැති බවත්ය. ගණිතය , විද්‍යාව ඇතුළු ප්‍රධාන විශයන් කිහිපයක් සඳහා එකදු ගුරුවරයකුවත් නොමැති අතර කලා (චිත්‍ර) විෂයට පමණක් අනුයුක්ත කළ ගුරුවරු තිදෙනෙකු සිටින බැවින් අවශ්‍ය විෂයන් සඳහා බලධාරීන් ගුරුවරුන් ලබානොදීම කනගාටුවට කරුණක් බව කීවේය.
ගුරු හිඟය හේතුවෙන් පාසලේ ප්‍රාථමික අංශය වැසීයාමේ තත්වයක් උද්ගතව ඇති අතර උතුරු පළාත් සභාවේ අධ්‍යාපන බලධාරීන් තුළ පවතින ජාතිවාදී හැසිරීම් වවුනියාව දිස්ත්‍රික්කයේ සිංහල පාසල් තුළ ගුරු හිඟය නිර්මාණයකොට ඇති බවද සඳහන් කළේය.
විරෝධතාවය පැවැත්වෙන ස්ථානයට පැමිණි වවුනියාව කොට්ඨාස අධ්‍යාපන අධ්යක්ෂ ආර්. රාධාක්‍රිශ්ණන් මහතා ගුරුහිඟය සති දෙකක කාලයක් තුළ විසඳන බවට ලිඛිතව පොරොන්දුවීමෙන් අනතුරුව විරෝධතාව අවසන් කෙරිණ.
විරෝධතාකරුවන් පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රධාන මාර්ගය අවහිර කිරීම හේතුවෙන් රථවාහන ධාවනය අඩාලවූ අතර වවුනියාව පොලිස් නිලධාරීහු විකල්ප මාර්ග භාවිතාකොට රථවාහන පාලනය කිරීම සඳහා පියවරගත්හ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
පාසලේ ගුරු හිඟයට විසඳුම් ඉල්ලා මව්පියවරු විරෝධයක