(අජිත්ලාල් ශාන්තඋදය)
කෑගල්ල දිස්ත‍්‍රික්කය නියෝජනය කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන සබරගමුව පළාත් සභාවට තේරීපත්ව මන්ත‍්‍රීවරයෙක් සහ සභානායක ලෙස කටයුතු කළ ඉමිටියාස් කාදර් මහතා හදිසියේ අභාවප‍්‍රාප්ත විය.
මියයන විට හතළිස් හයවන වියේ පසුවූ ඉමිටියාස් කාදර් මහතා දෙදරු පියෙකි. කෑගල්ල ශාන්ත මරියා විදුහලෙන් අධ්‍යාපනය ලැබු ඔහු 2006දී කෑගල්ල නගර සභාවේ සභාපතිවරයා ලෙස තේරීපත් විය.
පසුව 2008 සහ 2012 වර්ෂවල පළාත් සභා මැතිවරණ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කර මන්ත‍්‍රීවරයෙක් ලෙස සබරගමු පළාත් සභාවට තේරී පත්ව පසුව එහි සභානායකවරයා ලෙස කටයුතු කළේය.
ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මාවනැල්ල ආසනයේ සම සංවිධායකවරයා ලෙස ද ඉමිටියාස් කාදර් මහතා කටයුතු කළේය.
මහජන ගෞරවය සදහා දේහය මේවනවිට කෑගල්ල මීපිටිය ඇනස්ලි පීරිස් මාවතේ නිවසේ තැන්පත් කර ඇත.
අවසන් කටයුතු දෙසැම්බර් 01 වන ඉරිදා පස්වරු 02.00ට කෑගල්ල නගර සභා සුසාන භූමියේ දී සිදු කෙරේ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පළාත් සභා මන්ත්‍රී ඉමිතියාස් කාදර් අභාවප්‍රාප්ත වෙයි