IMG-LOGO

2024 අප්‍රේල් මස 17 වන බදාදා


පරිභෝජනයට නුසුදුසු සැමන් ටින් තොගයක් වලදමයි



(හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු)
    

මිනිස් හෝ සත්ව පරිභෝජනයට නුසුදුසු කල් ඉකුත්ව තිබු කන්ටේනර් දෙකක පටවා තිබු සැමන්
ටින් තොගයක් සත්ව ආහාරයට ගැනීමට තිබියදී සොයා ගෙන එම සැමන් ටින් හලාවත බංගදෙණිය රජයට අයත් වත්තක වල දමා ඇති බව වයඹ හඬ පරිසර සංවිධානය අද (17) හලාවත පොලිසියට පැමිණිලි කර ඇත.

එම සංවිධානයේ  කැඳවුම්කරු අජිත් ගිහාන් ප්‍රනාන්දු මහතා ඇතුළු නියෝජිතයන් පිරිසක් අද (17) දහවල් බංගදෙනිය ප්‍රදේශයේ පිහිටි පශු සම්පත් මණ්ඩලයට අයත් සත්ව ගොවි පලකට ගොස් සිදු කරණ ලද නිරීක්ෂණයකින් පසු මෙසේ පැමිණිල්ලක් දැමු බව අජිත් ගිහාන් ප්‍රනාන්දු මහතා පැවසීය.

ශ්‍රී ලංකා රේගුව විසින් මෙම සැමන්
ටින් තොගය මිනිස් පරිභෝජනයට නුසුදුසු බව අනාවරණය කර ගැනීමෙන් පසු  රාජසන්තක කරන ලද බවත්, පසුව මෙම සැමන් තොගය පශු සම්පත් මණ්ඩලයේ බංගදෙනියේ පිහිටි  සත්ව ගොවිපලේ ඇති කරනු ලබන ඌරන්ගේ ආහාරයට නිදහස් කරන ලෙසට එම මණ්ඩලය විසින් කර තිබු ඉල්ලිමක් අනුව එම සැමන් කන්ටේනර් 2ක පටවා මෙම ගොවිපල වෙත යවන ලදී.

නමුත් එම සැමන් මිනිස් හෝ සත්ව ආහාර වශයෙන් යොදා ගැනීමට නොහැකි ලෙසින් නරක් වී තිබූ බවට ලද තොරතුරක් අනුව ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මගින් පරීක්ෂණයක් කිරීමෙන් පසු වල දැමූ බව දැනගන්නට ලැබිණි. අනතුරුව එහි ගොස් මේ සම්බන්ධයෙන් සොයා බැලූ විට එම සැමන්
ටින් වල දමා තිබුණත් එම ප්‍රදේශය පුරා දැඩි දුර්ගන්ධයක් පැතිර තිබු බවත් ඒ මහතා කීය.

මේ සම්බන්ධයෙන් විමසු විට ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරියෙකු පැවසූයේ සත්ව ආහාර වශයෙන් යොදා ගැනීමට ගෙන ආ මෙම සැමන් තොගය සත්ව ආහාරයකට පවා නුසුදුසු නිසා  මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ හා හලාවත පොලිස් නිලධාරින්ගේ අධීක්ෂණය මත බැකෝ යන්ත්‍රයක් යොදා විශාල වලක් හාරා වල දැමීමට පියවර ගත් බවයි.

මේ සම්බන්ධයෙන් ව්‍යඹ පරිසර අධිකාරියේ නිලධාරින් ද පැමිණ වල දැමු ස්ථානයෙන් දුර්ගන්ධය පැතිරීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගත් බවත් කීය.

හලාවත පොලිසිය මෙස් සම්බන්ධයෙන් පරික්ෂණයක් සිදු කරයි

 



අදහස් (0)

පරිභෝජනයට නුසුදුසු සැමන් ටින් තොගයක් වලදමයි

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 190 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1207 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 318 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 386 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 398 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 282 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 151 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1430 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1355 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site