(ප්‍රින්ස් රත්නායක)
පඹහින්න ප්‍රදේශයේ විවෘත කිරීමට නියමිත නව සතොස වෙළඳසැළ පිහිටි ගොඩනැගිල්ලට වසර දෙකකට ආසන්න කාලයක් කුළිය ගෙවමින් සිටි නමුත් අවුරුදු කාලය තුළදීවත් එය විවෘත කර නැතැයි ප්‍රදේශවාසීහු චෝදනා කරති.
පාලන මිලක් යටතේ භාණ්ඩ මිලදී ගැනීමට පාරිභෝගිකයන් මහත් අපේක්ෂාවෙන් සිටියත් මෙවර අවුරුදු සමයේ විශාල ලාභයක් ලැබීමට ආයතනයට හැකිව තිබූ අවස්ථාව මගහරිමින් සිටින බව ඔවුහු පවසති.
වසර දෙකකට ආසන්න කාලයක් පෞද්ගලික හිමිකරුවෙක්ට ආයතන කුලිය ගෙවමින් සිටින බවත්, වෙළඳසැල විවෘත නොකිරීමට හේතුව සේවකයන් බඳවා ගැනීමේ පවත්නා දේශපාලනික කඹ ඇදිල්ලක් බවත් ඇතැමෙක් පවසති. වෙළඳසැළට අවශ්‍ය උපකරණ බඩුබාහිරාදිය මෙන්ම වෙළඳතොග ද සිංහල අවුරුද්ද එළඹීමට පෙර ආයතනයට ගෙනැවිත් සේවකයින් පිළිවෙළ කරනු දුටු බවත් ඔවුහු පවසති.
මේ සම්බන්ධයෙන් සතොස මෙහෙයුම් සාමාන්‍යාධිකාරී රොෂාන් හසන් මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා මෙසේ කීය.
“ මිනිසුන්ට ඕනෑ දෙයක් කියන්න පුළුවන්. දේශපාලන බලපෑමක් නැහැ. අවශ්‍ය සේවකයින් එකපාරටම අලුතෙන් යොමුකරන්න බැහැ. ඒ අය පුහුණු කරන්න ඕනෑ. මුදල් යන්ත්‍රයක් තියලා එකපාරටම සතොසක් අරින්න බැහැ. අක්‍රමිකතා වෙන්න පුළුවන්. ඒවා ජාලගත කිරීම අවශ්‍යයි. මේ මාස කීපය තුළ අපි සතොස වෙළඳසැල් 21 ක් විවෘත කළා. අවුරුද්දට පෙර අපි මෙම පඹහින්න සතොස වෙළඳසැල විවෘත කරන්න උපරිම උත්සාහ දරනවා”
වසර දෙකක් පුරා මහජන මුදල් අපතේ යවමින් සිදුකරනු ලබන නාස්තිය මහජනයා වෙත සිදුකරන තවත් බරක් ලෙස පෙන්වාදෙන ප්‍රදේශවාසීහු කඩිනමින් සතොස විවෘත කරන්නැයි ඉල්ලති.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
පඹහින්නේ සතොස විවෘත කිරීමට බාලගිරි දෝෂය