(රංජිත් රාජපක්ෂ)
කාසල්රි ජලාශයට යාබදව පිහිටි නොර්වුඩ් නිව්වැලි වත්තේ වතු නිවාස පේළියකට ඉහළින් වු පස් කන්ද තවදුරටත් අවදානමක් පවතින නිසා එම වතු නිවාස පේලියේ පදිංචි පවුල් 12 කට අයත් සමාජිකයන් 59 දෙනෙකු නොර්වුඩ් නිව්වැලිගම දෙමළ මහ විද්‍යාලයේ තාවකාලිකව නතර කර ඇති බව එම වතු යායේ වතු අධිකාරි ෆෙරොස් මජිත් මහතා පැවසීය.
ඊයේ (13) පස්වරු 4 සිට වරින් වර එම වතු නිවාස පේළිය මතට පස් කන්ද කඩා වැටෙමින් පැවති බවත්, තවදුරටත් එම පස් කන්ද කඩා වැටීමේ අවදානමක් තිබේද යන්න පිළිබදව පරික්ෂා කර බලා වාර්තාවක් ලබාදෙන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය වෙත දැනුම් දි ඇති බවයි නොර්වුඩ් පොලිසිය සඳහන් කරයි.
වතු නිවාස පේළියේ පදිංචිව සිටි අවතැන් වුවන්ට අවශ්‍ය ආහාර පාන සහ පහසුකම් වතු පාලන අධිකාරිය සහ නොර්වුඩ් ප්‍රාදේශිය සභාව මගින් ලබා දී ඇත.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
නිව්වැලි වත්තේ නාය යාමෙන් අවතැන්වූ 59 ක් තාවකාලික ස්ථානවලට