(රොමේෂ් මධුෂංඛ)
කිලිනොච්චිය ප්‍රදේශයේ නිධන් හෑරීමට ගිය සැකකරුවන් සිව්දෙනෙකු සමඟ අධි තාක්ෂණයෙන් යුත් නවීන ස්කෑනර් යන්ත්‍රයක් අද (7) හමුවූ බව මාන්කුලම පොලිසිය පවසයි.
රුපියල් ලක්ෂ 25 කට අධික වටිනාකමකින් යුත් මෙතෙක් හමු නොවූ වර්ගයේ ස්කෑනර් යන්ත්‍රයක් ද සැකකරුවන් ගමන් කළ මෝටර් රථයේ තිබී හමු වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හා නඩු භාණ්ඩ අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
සැකකරුවන් සිව්දෙනා සුකෝපභෝගී මෝටර් රථයකින් ගමන් කරන අතරතුර මාන්කුලම් නගරයේ දී අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන්ගෙන් එක් අයෙකු මහියංගනය ප්‍රදේශයේ රත්තරන් වෙළඳසැළක හිමිකරුවකු වන බව සිදුකළ පරික්ෂණ වලදී අනාවරණය වී තිබේ.
එම ස්කෑනර් යන්ත්‍රය මගින් අඩි 54 ක ගැඹුරක් මෙන්ම මීටර් 30 ක වපසරියක භූමි ප්‍රමාණයක් එකවර පරික්ෂා කළ හැකි අධි තාක්ෂණයකින් යුත් මෙම ස්කෑනර් යන්ත්‍රය ඩුබායි රටේ සිට රැගෙනවිත් ඇති බවටද පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.
සැකකරුවන් සිව් දෙනා අතර විශ්‍රාමික සාජන් මේජර්වරයකු ද සිටින අතර ඔවුන්ගෙන් එක් අයුකු මහියංගනය ප්‍රදේශයේත් අනෙක් තිදෙනා බදුල්ල ප්‍රදේශයෙත් පදිංචිකරුවෝ වෙති.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
නිධන් හැරීමට ගිය සිව්දෙනෙකු අත්අඩංගුවට