(උපාලි ආනන්ද)
උතුරු මැද පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ තක්සේරුකරු තනතුරට හිතවත් නිලධාරීන් පත්කර ගැනීමේ අරමුණින් වංචනිකව නව ව්‍යවස්ථාවක් සකස් කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුව සමථයකට පත්කර ගැනීමට උතුරු මැද පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණයේ විනිසුරු ගියාන් චන්ද්‍ර රණවක මහතා මෙම නඩුවේ පෙත්සම්කාර සහ වගඋත්තරකාර පාර්ශවයන්ට අධිකරණයේ අවසරය ලබා දුන්නේය.
උතුරු මැද පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ තක්සේරුකරු තනතුරට බදවා ගැනීම සදහා සැකසූ බව කියන නීති විරෝධී ව්‍යාවස්ථාව සංශෝධනය කරන බවට මෙම නඩුවේ වගඋත්තරකාර රාජ්‍ය නිලධාරීන් අධිකරණයට දුන් පොරොන්දුවෙන් අනතුරුව නඩුව සමථ කර ගැනීමට මෙලෙස අධිකරණයේ අවසරය හිමි විය
උතුරු මැද පලාත් ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ බදු නිලධාරීන් වන එමි.එස්.චන්ද්‍රසේකර ,එමි.එමි.පී කුමාර ඒ. ජී. ඒ. ඞී. කේ. නවරත්න, බී. ජී. සී. පුෂ්ප කුමාරි, ආර්. ඒ. ආර්. ඉෂාන්ති, බී. එල්. එන්. උදය කුමාර, අයි. එචි. නිරෝධා, යූ.ඒ.සී.අතුල කුමාර සහ බී. එස්. නිමල් යන මහත්වරුන් උතුරු මැද පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණය මෙම පෙත්සම ගොනු කර තිබිණි.
උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා උතුරු මැද ප්‍රධාන ලේකම් එචි. එමි. පී. බංඩාර, පළාත් ආණ්ඩුකාර ලේකම් ආනන්ද කුලරත්න, පලාත් රාජ්‍ය සේවා කොමිසන් සභාවේ ලේකම් එචි. වී විමලසිරි එහි සභාපති එස්. ජී. එමි. සී. කේ. සෙනවිරත්න, උතුරු මැද පළාත් ආදායම් කොමසාරිස් ආර්. එස්. සමරනායක, ජ්‍යෙෂ්ඨ බදු නිළධාරීන් වන එන්.එමි.නලීන් ගුනරත්න සහ එමි.පී.ප්‍රියන්ති කේතකී විජයලතා සහ ඩබි. බී. ලලිත් කුමාර යන මහත්ම මහත්මීහූ ඇතුළු 13 දෙනෙකු එහි වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ සිටියහ.
පෙත්සම්කාර ජ්‍යෙෂ්ඨ බදු නිලධාරීන් වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් නීතිඥ අනුරුද්ධ විජේරත්න මහතා මුල් අවස්ථාවේ සඳහන් කලේ උතුරු මැද පළාත් ආදායම් දෙපාර්තෙමින්තුවේ තක්සේරුකරු තනතුරට සුදුසු නිළධාරීන් බඳවා ගැනීම සදහා පළාත් රාජ්‍ය සේවා කොමිසන් සභාවේ කාර්ය පටිපාටියක් ද ආයතන සංග්‍රහයේ නිතිමය ක්‍රමවේදයක් ද ඉතා පැහැදිලිව පවතින බවයි.
වගඋත්තරකරුවන්ගේ මෙම ක්‍රියාව මුළුමනින්ම නීතියට පටහැනි බවද අධිකරණයට අවධාරණය කළ නීතිඥ විජේරත්න මහතා වගඋත්තකරුවන් ගෙන ඇති මෙම නීතිවිරෝධි තීරණය බල රහිත කිරීමේ රීට් ආඥාවක් නිකුත් කරන ලෙසද අධිකරණයෙන් අයැද තිබේ.
පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ අනුරුද්ධ විජේරත්න මහතා පෙනී සිටි අතර වගඋත්තරකරුවන් වෙනුවෙන් නීතිඥ ආනන්ද පේ‍්‍රමරත්න නීතිඥ ධනුෂ්ක දහම්පත් යන මහත්වරුන් සමඟ උතුරු මැද පළාත් සභාවේ නීති නිලධාරිනි ප්‍රීති මුණසිංහ මහත්මිගේ පෙනී සිටියාය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
නව ව්‍යවස්ථාව සම්බන්ධ නඩුව සමථයකට පත්කර ගැනීමට අවසර