ජයරත්න වික්‍රමාරච්චි
නවගත්තේගම වෙලේවැව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට පහරදී බරපතල තුවාල සිදුකර පළාගොස් සිටි බව කියන සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව නවගත්තේගම පොලීසිය කියයි.
ඔවුන් මේ සඳහා යොදා ගත් බව කියන යකඩ ලීවරයක්, පිහියක්, ත්‍රිරෝද රථයක් සහ යතුරුපැදියක් පොලිසිය බාරයට ගෙන ඇත.
නවගත්තේගම වෙලේවැව ප්‍රදේශයේ පදිංචි බව කියන සහෝදරයන් දෙදෙනෙකු සමඟ ඔවුන් දෙදෙනාගේ මස්සිනා බව කියන පුද්ගලයෙක් කොටවෙහෙර, මහඋස්වැව සහ වෙලේවැව ප්‍රදේශවල දී මෙසේ අත් අඩංගුවට ගත් බවද පොලීසිය පවසයි.
රියැදුරෙකු බව කියන 36 හැවිරිදි මෙහි ප්‍රධාන සැකකරු ඉකුත් 25 වැනි දා නවගත්තේගම වෙලේවැව ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැළකට පැමිණ ඇති බවත්, එහි දී එම ව්‍යාපාරිකයා සමඟ කිසියම් සිද්ධියකට ආරවුලක් ඇති කරගෙන පසුව සැකකරු විසින් ව්‍යාපාරිකයාට පිහියකින් ඇනීමට උත්සහා කර ඇති බවත් මූලික විමර්ශන වලදී අනාවරණය වී යැයිද පොලීසිය කියයි.
මෙම අවස්ථාවේ දී එම ස්ථානයට පැමිණි අනෙක් සැකකරුවන් දෙදෙනා අදාළ ව්‍යාපාරිකයාගේ හිසට ලීවරයකින් සහ යතුරුපැදි හිස් වැස්මකින් පහරදී ඇති බවට එම විමර්ශන වැඩිදුරටත් අනාවරණය කරන බවත්, මෙහිදී බරපතල තුවාල ලැබූ ව්‍යාපාරිකයා මේ වනවිට හලාවත මහ රෝහලේ ප්‍රතිකාර ලබන බවත් පොලීසිය පවසයි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
නවගත්තේගම ව්‍යාපාරිකයාට පහර දුන් තිදෙනා අත්අඩංගුවට