(දිනේෂ් උපේන්ද්‍ර)
නවකවධ සිද්ධියක් මුල්කරගනිමින් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සිසුන් 12 වෙනුවෙන් කුලියාපිටිය පළාත්බද මහාධිකරණයෙන් කළ ඇප අයැදුම සළකා බැලූ මහාධිකරණ විනිසුරු ජගත් කහඳගමගේ මහතා එක් අයකුට රුපියල් 250,000 ක් බැගින් වූ ශරීර ඇප දෙකක් බැගින් මුදාහැරීමට ලබාදී තිබූ ඇප නියෝගය කියවා දෙමින් කුලියාපිටිය මහේස්ත්‍රාත් ජනනි එස් විජේතුංග මහත්මිය අද (5) නියම කළාය.
එහිදී මහාධිකරණයෙන් නිකුත් කර තිබූ ඇප නියෝගයේ කොන්දේසි ද මහේස්ත්‍රාත් අධිකරණයේ දී කියවා දුන් අතර ඇපකරුවන් සැකකරුවන්ගේ සමීප ඥාතීන්වීම අනිවාර්ය බවත් ඇපකරුවන්ගේ පදිංචිය සනාථ කරන ලියවිලි විවෘත අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවත් මහේස්ත්‍රාත්වරිය කළාය.
ඇප ලැබීමෙන් පසුව සිදුවීම හා රක්ෂිත බන්ධනාගාර ගතවීම සම්බන්ධව විශ්වද්යාලයීය සිසුන්ගේ දේශන හා අධ්‍යයන කටයුතුවලට බාධා ඇතිවන අන්දමින් හෝ පරිපාලනයට අවහිර වන කිසිදු සිදුවීමක් වාර්තා වුවහොත් නඩුකටයුතු අවසන් වන තෙක් රක්ෂණ බාරයේ තැබීමට අධිකරණය කටයුතු කරන බවත් නියෝගයේ වැඩිදුරටත් මහෙස්ත්‍රාත්වරිය සඳහන් කළාය.
එසේම සැකකාර සරසවි සිසුන් සියලූ දෙනා අමතමින් විධිමත් අධ්‍යාපනයක් ලබා සරසවි වරම් ලබන්නේ ඉතා සීමිත පිරිසක් බැවින් අන් අයට තිබූ අවස්ථාවන් අහිමි කරමින් තමන්ගේ වාසනාගුණ මහිමයට ලද එම අවස්ථාව උපයෝගී කරගනිමින් විවිධ පුද්ගල කණ්ඩායම් අරමුණු වෙනුවෙන් නොව හරිහැටි කුසට අහරක් නොගෙන දරුවන්ගේ ජයග්‍රහණයම අපේක්ෂා කරමින් කඳුලූ හා දහදිය හෙලන දෙමාපියන්ගේ අවශ්‍යතාවයන් හා බලාපොරොත්තු ඉටුකිරීමට වගබලාගන්නා ලෙසත්, විශ්ව විද්‍යාලයීය අධ්‍යාපනයෙන් පසුව සියලූදෙනා යහපත් පුරවැසියන් ලෙස රටට සේවය කළයුතු බව සිත්හි තබාගෙන කටයුතු කළයුතු ලෙසටත් මහේස්ත්‍රාත් ජනනී විජේතුංග මහත්මිය අවවාද කළේය.
එමෙන්ම විත්තිකූඩුව විධිමත් අධ්‍යාපනයක් ලද මනසින් වර්ධනය වූවන්ට අනිසි ස්ථානයක් බැවින් නැවත වෙනත් අවස්ථාවකදී හෝ එම විත්තිකූඩුවට වෙත නොයන්නට වැඩකටයුතු සිදුකරන ලෙසද මහේස්ත්‍රාත්වරිය එහිදී සිය අවවාදයේ දී වැඩිදුරටත් සැකකරුවන්ගේ අවධානයට ලක් කළාය.
විවෘත අධිකරණයට ඇපකරුවන් කැඳවා හඳුනාගැනීමෙන් පසුව අධිකරණ භාෂණ පරිවර්ථක ආරියරත්න මහතා මගින් ඇපකරුවන් ඇමැතූ විනිසුරුවරිය සියලූම දෙනා මේ වනවිට අත්සන් තබන්නට සූදානම් වන්නේ රුපියල් දෙලක්ෂ පනස්දහස බැගින් වූ ඇපයකට බව සිහිතබාගත යුතු බවත් එක් නඩු වාරයකදී හෝ සැකකරුවන් අධිකරණයේ පෙනී නොසිටියහොත් ඇප මුදල් රාජසන්තක කිරීමට සිදුවන බවත් සඳහන් කළාය.
වයඹ සරසවි ජ්‍යෙෂ්ඨ සිසුන් 12 දෙනෙකු එලෙසින් මහාධිකරණ ඇප නියෝගයට අනුව මහේස්ත්‍රාත්වරිය විසින් අද (5) දැඩි කොන්දේසි මත මුදා හැරියහ. වැඩිදුර විභාගය සඳහා නඩුව අපේ‍්‍රල් මස 10 යළි කැඳවීමට නියමිතය.
නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් කුලියපිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක නාමල් පෙරේරා, පොලිස් පරීක්ෂක ආනන්ද යන මහත්වරුන් ද සැකකාර සිසුන් වෙනුවෙන් නීතිඥ චම්පික ලසිතකුමාර, දයානි එදිරිසිංහ යන මහත්ම මහත්මීන් ද පෙනී සිටියහ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
නවකවධ සිද්ධියට රිමාන්ඩ් කළ සරසවි සිසුන් 12 දෙනාට ඇප