IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


නල්ලතන්නියේ ජල සම්පාදනය විසන්ධි කිරීමෙන් ශ්‍රී පාද වන්දනාකරුවෝ අපහසුතාවයට පත් වෙති

(රංජිත් රාජපක්ෂ)

                       මස්කෙලිය ප්‍රාදේශීය සභාව මගින් නල්ලතන්නිය නගරයේ පවත්වාගෙන යන පොදු රථ ගාලට ජල සම්පාදන මණ්ඩලය මගින් ලබා දී තිබූ ජල සම්බන්ධතාව අද (16) විසන්ධි කිරීම හේතුවෙන් ශ්‍රී පාද වන්දනාවේ පැමිණි වන්දනාකරුවන් දැඩි අපහසුතාවයට පත් වී ඇති බව නල්ලතන්නිය ප්‍රදේශවාසීහු පවසති.

ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන් එම පොදු රථ ගාල තුළ වාහන ගාල් කර එම රථ ගාල තුළ ඉවුම් පිහුම් කටයුතු කරන බවත් ඇතැම් වන්දනාකරුවන් එම පොදු රථ ගාල තුළ ආහාර පාන අනුභව කරන බවත් ඒ සඳහා පොදු රථ ගාලේ සවි කර ඇති  පොදු ජල කරාම මගින් ජලය ලබා ගන්නා බවත් නල්ලතන්නිය ප්‍රදේශාවාසීහු කියති.

 

නල්ලත්නිය ජල පොම්පාගාරය මගින් නල්ලතන්නිය නගරයට පානීය ජලය ලබා දෙන බවත් එම ජල පොම්පාගාරය මස්කෙලිය ජල සම්පාදන මණ්ඩලය මගින් පාලනය වන බවත් ප්‍රදේශවාසීහු කියා සිටිති.

මේ සම්බන්ධයෙන් ජල සම්පාදන මණ්ඩලයේ නුවරඑළිය දිස්ත්‍රික් ඉංජිනේරුවරයාගෙන් අප කළ විමසූමකදී ඔහු කියා සිටියේ නල්ලතන්නිය පොදු රථ ගාල වෙත ලබා දී ඇති ජල සම්බන්ධතාවලට ඉකුත් වසර සඳහා අඹගමුව ප්‍රාදේශීය සභාව රු 40,000 කට ආසන්න හිඟ ජල බිල්පතක් ගෙවීමට ඇති බවයි.

එම මුදල අය කර ගැනීම සඳහා අවස්ථා කිහිපයකදී අදාල ප්‍රාදේශීය සභාවට ලිඛිතව දැනුම් දුන්නද ඒ සඳහා කිසිඳු ප්‍රතිචාරයක් නොදැක්වීමේ හේතුවෙන් මෙම පොදු රථ ගාලට ලබා දී තිබූ ජල සම්බන්ධතා දෙක විසන්ධි කළ බව ජල සම්පාදන මණ්ඩලයේ නුවරඑළිය දිස්ත්‍රික් ඉංජිනේරුවරයා පැවැසීය.

නල්ලතන්නිය නගරයේ තොරාගත් ස්ථාන කිහිපයක ටැංකි යොදා ගනිමින් වන්දනාකරුවන් වෙනුවෙන්  පානීය ජලය ලබා දී ඇත.



අදහස් (0)

නල්ලතන්නියේ ජල සම්පාදනය විසන්ධි කිරීමෙන් ශ්‍රී පාද වන්දනාකරුවෝ අපහසුතාවයට පත් වෙති

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 191 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1208 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 318 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 386 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 398 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 283 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 321 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1706 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1548 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site