සුමතිපාල දීයගහගේ
දුම්රිය මාර්ගයේ පා ගමනින් යමින් සිටි තරුණියක් කඹුරුගමුව දුම්රියපොළ අසලදී අද (7) මාතර සිට වව්නියාව බලා ධාවනය වෙමින් තිබූ සීඝ්‍රගාමී දුම්රියේ හැපීමෙන් තුවාල ලැබ මාතර රෝහලට ඇතුළු කර ඇතැයි කොටවිල පොලිසිය පවසයි.
මෙම අනතුරින් තුවාල ලබා ඇත්තේ අහංගම ගොවියාපාන බෝගහ අසල පදිංචි රාමනායක සුදුවැලි කොන්දගේ පබසරා නැමැති විසි දෙහැවිරිදි තරුණියෙකි.
ස්වයං රැකියාවක් සඳහා තරුණියන් අවශ්‍ය බවට පුවත්පතක පලවී තිබු දැන්වීමක් අනුව මෙම තරුණිය එම ස්ථානය සොයමින් දුම්රිය මාර්ගයේ පාගමනින් ගොස් ඇත.
එම අවස්ථාවේ පිටුපස බලන විටම ඇයගේ අසලට පැමිණ තිබු දුම්රියේ මෙම තරුණිය හැපී තුවාල ලබා විසි වී ගොස් ඇති බව මූලික පොලිස් පරික්ෂණ වලදී අනාවරණය වී තිබේ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
දුම්රියේ හැපී තරුණියකට තුවාල
සේකර Friday, 07 September 2018 03:56 PM
පව් මේ ළමයා රස්සාවක් හොයන්න ගිය ගමනක්. මමත් ඔය විදියටම බොහොම අපහසුවෙන් තමයි කියක් හරි හොයා ගත්තේ තරුණ කාලේදී. මම දැන් ඇමරිකාවේ ජිවත් වෙන්නේ, මහා විශාල ආර්ථික තත්වයක් මටත් තවම නැහැ. එත් මම කැමතියි මේ ළමයට හැකි පමණින් උදව්වක් කරන්න, මට මගේම අතීතයට උදව් කරනවා වගේ හැගීමක් දැනේවි මේ අවස්ථාව ලැබුනොත්. හැකිනම් මේ ළමයා සම්බන්ධ කර ගැනීමට ක්‍රමයක් මාගේ විද්‍යුත් තැපැල් ලිපිනයට එවන මෙන් ලංකාදීප පුවත්පතෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි. ස්තුතියි.