(දිලීප් ජයසේකර)
වීරකැටිය වෑකදවල නිවසකට ඇතුළු වි වයස අවුරුදු 09ක දැරියක කෙලෙසු 52 හැවිරිදි පුද්ගලයෙකුට වසර 10ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක්,රුපියල් 5000ක දඩයක් හා අගතියට පත් දැරියට රුපියල් ලක්ෂ දෙකහමාරක වන්දි මුදලක්ද ගෙවන ලෙස තංගල්ල මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්.සපුවිද මහතා අද (22) නියෝග කළේය.
මෙලෙස සිර දඩුවම් නියම වුයේ වීරකැටිය,මොරයාය, වෑකදවල පදිංචි වර්ෂමානගේ ජයවීර නොහොත් චන්ඩි සියා නැමති 52 හැවිරිදි පුද්ගලයෙකුටය.
සැකකාර පුද්ගලයා 2013-09-13 වන දින අසල්වැසි නිවසකට ඇතුළු වි නිවසේ කුස්සියේ සිටි වයස අවුරුදු 09ක දැරියක බරපතළ ලිංගික අපයෝජනයට ලක් කර තිබේ.
පසුව දැරියගේ මව විසින් අදාල සිදුවීම සම්බන්ධයෙන් වීරකැටිය පොලීසියට සිදුකරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ.එහිදි පැවති මුලික නඩු විභාගයෙන් පසු නීතිපති වරයා විසින් සැකකරුට එරෙහිව තංගල්ල මහාධිකරණය හමුවේ නඩු පවරා තිබේ.
එහිදී පැවති නඩු විභාගය අවසානයේ සැකකරු අදාල චෝදනාවට වැරදි කරු බවට පත් විය.
ඒ අනුව සැකකරුට වසර 10ක බරවැඩ සහිත සිර දඩුවමක් නියම කල අතර රුපියල් 5000ක දඩ මුදලක්ද නියම කෙරුණි.දඩ මුදල නොගෙවන්නේ නම් වසර 10ක සිර දඩුවමට අමතර තවත් මාස 06ක බරවැඩ සහිත සිර දඩුවමක්ද නියම කෙරුණි.
මිට අමතරව අගතියට පත් වු දැරියට රුපියල් දෙලක්ෂ පනස් දහසක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කළ අතර එය නොගෙවන්නේ නම් තවත් අවුරුදු 02ක බරවැඩ සහිත සිර දඩුවමක්ද නියම කෙරුණි.මීට අමතරව වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනතට අනුව රුපියල් දහසක මුදලක් අධිකරණයේ තැන්පත් කරන ලෙසද මහාධිකරණ විනිසුරු වරයා සැකකරුට නියම කළ අතර එය නොගෙවන්නේ නම් මාස තුනක බර වැඩ සහිත සිර දඩුවමක්ද නියම කෙරුණි.
එමෙන්ම සැකකරුට මේ හා සමානම තවත් පෙර වැරුද්දක්ද පැවතීම හේතුවෙන් ඉහත සදහන් සියලු දඩ ,සිරදඩුවම් හා වන්දි වලට අමතරව රුපියල් 25000ක දඩ මුදලක්ද ගෙවන ලෙස නියෝග කළ අතර එය නොගෙවන්නේ නම් තවත් වසරක බරවැඩ සහිත සිර දඩුවමක්ද නියම කෙරුණි.
මිට අමතරව දඩ හා වන්දි මුදල් නොගෙවන්නේ නම් ඊට අදාල සිර දඩුවම් මුලික වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවම් කාලය අවසන් වීමෙන් පසුව ක්‍රියාත්මක විය යුතු බවටද මහාධිකරණ විනිසුරු වරයා නියෝග කෙරුණි.
නීතිපති වරයා වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ අග්බෝ පණ්ඩිතරන්න මහතා පැමිණිල්ල මෙහෙය වු අතර විත්තිය වෙනුවෙන් නිතිඥ මනෝරි මහත්මිය සමගින් සුජිත් ප්‍රසන්න ලියනාරච්චි මහතා පෙනී සිටියේය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
දැරියක අපයෝජනය කළ පුද්ගලයෙක් වසර 10 ක් හිරේට