(ප්‍රින්ස් රත්නායක)
බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට බලපෑ දැඩි සුළං තත්වය හේතුවෙන් නිවාස 9 කට හානි වී පුද්ගලයින් 39 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසයි.
පූර්ණ වශයෙන් හානිවූ නිවාස 1 ක් සහ අර්ධ හානිවූ නිවාස 7ක්ද, වෙනත් දේපල හානි 1 ක් ද වාර්තා වන බව බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් හේමන්ත බණ්ඩාර මහතා පැවසීය. හානියට පත් වූ නිවාස අතර පූර්ණ හානිය වාර්තා වනුයේ ඇල්ලේපොළ ප්‍රදේශයෙනි. බලන්ගොඩ නගරය, ඇල්ලේපොළ, ඉඹුලාමුර, කිරිමැටි තැන්න, බුළත්ගම ප්‍රදේශවල නිවාසවලට අර්ධ හානි වී තිබේ.
පූර්ණ හානිවු නිවාසයේ පිරිස් වෙත සතියකට ප්‍රමාණවත් වියළිසළාක ලබාදීමට ආපදා සහන අංශය කටයුතු කර ඇත. පූර්ණ හානියට පත් නිවසේ සිව්දෙනෙකු සිය ඥාතියකුගේ නිවසේ රැඳී සිටීමට පියවර ගෙන ඇත.
අනෙකුත් අර්ධ හානිවෙනුවෙන් සහන සැලසීමට රුපියල් 10,000ක මූල්‍යාධාර ලබාදීමට පියවර ගෙන ඇති බව ද අනෙකුත් සහන සැලසීම සම්බන්ධයෙන් සිය කාර්ය මණ්ඩලය කටයුතු සම්පාදනය කරමින් සිටින බව ප්‍රාදේශීය ලේකම්වරයා සඳහන් කළේය.
මේ අතර ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ නිවාස 3කට සුළු හානි සිදුව තිබෙන බව ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් භාග්‍ය බටුගෙදර මහතා සඳහන් කළේය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දැඩි සුළඟින් බලන්ගොඩ නිවාස 9 කට හානි-39ක් පීඩාවට