(අනීෂා මානගේ)
බිල්පත් නොගෙවීම හේතුවෙන් ජල සැපයුම විසන්ධි කළ ජලසම්පාදන මණ්ඩලයේ තංගල්ල කාර්යාලයේ නිලධාරියෙකුට පහර දුන් බව කියන තරුණයකු අද(11) අත්අඩංගුවට ගත් බව තංගල්ල මූලස්ථාන පොලිසියේ අපරාධ අංශයේ නිලධාරීහු පවසති.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ තංගල්ල ඉඳිපොකුණගොඩ ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙකි.
නියමිත පරිදි ජල බිල්පත් නොගෙවූ තංගල්ල මාරකොල්ලිය ප්‍රදේශයේ නිවෙස්වල ජලය විසන්ධි කිරීමට ජලසම්පාදන මණ්ඩලයේ තංගල්ල කාර්යාලයේ නිලධාරියෙකු පසුගියදා ඒම ප්‍රදේශවලට ගොස් තිබිණි. ඔහු තම රාජකාරී කටයුතු නිමකර ඊයේ(10) නිවෙස බලා ගමන් කරමින් සිටියදී තංගල්ල නගරයේදී කිසියම් පුද්ගලයන් දෙදෙනෙකු පහරදුන් බව එම නිලධාරියා තංගල්ල මූලස්ථාන පොලිසියට පැමිණිලි කර තිබිණි.
සිද්ධිය පිළිබඳව විමර්ශන සිදුකළ තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් තංගල්ල බස් නැවතුම්පොළෙහි සීසීටීවී කැමරා දර්ශන පරීක්ෂා කර සැකකරුවන් දෙදෙනකු හඳනාගැනීමට සමත්වූ අතර එයින් එක් අයෙකු අද(11) අත්අඩංගුවට ගෙන තිබිණි.
ජල සැපයුම විසන්ධි කිරීම හේතුවෙන් කෝප වූ තරුණයන් ජල සම්පාදන මණ්ඩලයේ නිලධාරියාට පහර දුන් බවට පොලිසිය සැකකරයි.
හඳුනාගත් එක් තරුණයෙකු තංගල්ල මාරකොල්ලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවද පහරකෑමට ලක්වූ නිලධාරියා එම තරුණයාගේ නිවෙසෙහි ජල සැපයුම විසන්ධි කර ඇති බවද පොලිසිය කියයි.
අනෙකු සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීහු වැඩිදුරටත් පරීක්ෂණ පවත්වති.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ජල සැපයුම විසන්ධි කළ නිලධාරියාට පහරදුන් අයෙක් අත්අඩංගුවට