IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


ජනාධිපතිට පෙර පොහොට්ටු මන්ත්‍රීවරු කන්තලේ නගර ශාලව විවෘත කරති

(අමදෝරු අමරජීව)
 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබන 10වැනිදා  විවෘත කිරීමට නියමිතව තිබූ කන්තලේ නගර ශාලව අද (03)  කන්තලේ ප්‍රාදේශීය සභාවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ  මන්ත්‍රීවරු විවෘත කළහ.
 
ජනාධිපතිගේ කන්තලේ සංචාරයට සමගාමීව මෙම නගර ශාලාව විවෘත කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය හා එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඉල්ලන ලද විශේෂ සභා වාරය තුළදි ඇති වූ මත ගැටුමක් මෙම විවෘත කිරීමට හේතුවිය.
 
සභාපතිවරයා ලෙස මන්ත්‍රීවරුන්ගෙන් කළ ඉල්ලීමටකට අනුව විශේෂ  සභා වාරයක් කැඳවූ බවත් ඒ අනුව සභාවේදී ස්වාධීන මන්ත්‍රීවරයෙක් හා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරියක් ජනාධිපතිතුමාගේ සංචාරය කඩාකප්පල් කිරීමේ අරමුණෙන් කාගේ හෝ දේශපාලන අවශ්‍යතාවයකට හසු වී කටයුතු කිරීම නිසා තම පක්ෂයේ මන්ත්‍රීවරුන් තමන්ට නොදන්වා  මෙම නගර ශාලාව විවෘත කළ බවත් කන්තලේ ප්‍රාදේශීය සභාවේ සභාපති සමන් ඒකනායක මහතා සඳහන් කළේය.
 
මෙම විවෘත කිරීමේ අවස්ථාවට සභාපතිවරයා සහභාගි නොවූ අතර ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු දහදෙනාම එක්වී සිටියහ.
 
කන්තලේ ප්‍රාදේශීය සභාව සතුව මන්ත්‍රී  ධූර 24ක් ඇති අතර ඉන් මන්ත්‍රී ධූර 11ක්  ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හිමි කරගෙන ඇත. එක්සත් ජාතික පක්ෂය මන්ත්‍රී ධූර 5ක් හිමි කරගෙන සිටි.
 
එක්සත් ජනතා නිදහස් සන්ධානය  මන්ත්‍රී ධූර 4ක්ද  ජනතා විමුක්ති පෙරමුණ හා සමස්ථ ලංකා මහජන කොන්ග්‍රසය එක් මන්ත්‍රී ධූරය බැගින් මන්ත්‍රී ධූර 2ක්ද ස්වාධින කණ්ඩායම් 2 කින් මන්ත්‍රී ධූර 2 ක්ද හිමි කරගෙන සිටි.



අදහස් (4)

ජනාධිපතිට පෙර පොහොට්ටු මන්ත්‍රීවරු කන්තලේ නගර ශාලව විවෘත කරති

erdi Friday, 03 August 2018 05:55 PM

මේ වගේ නීතියක් නැති රටක ඉපදීමත් පවක්.

:       0       2

sena Saturday, 04 August 2018 05:17 AM

පොහොට්ටුව කෙරුවොත් කරන්නේ මේ වගේ වැඩක්මයි

:       0       2

V.warnakulasuriya Saturday, 04 August 2018 05:36 AM

ශ්‍රී ලංකාවේ දේශපාලනය සුවකළ නොහැකි රෝගී තත්ත්වයකට පත්ව ඇති බවට මෙම සිදුවීම මඟින් පෙනි යන්නකි. රට ගැන සිතන දේශපාලකයන් සිටින්නේ නම් මෙවැනි පොර තිබෙන්නට හැකියාවක් නොමැත. ඉතාලියේ මිලානෝ නගරයේ උමං දුම්රිය පද්දතියක් ජනතා සන්තකයට පත්කිරීමේ උත්සවයකුත්, ශ්‍රිලංකාවේ පොදු වැසිකිලියක් ජනතා සන්තකයට පත්කිරීමේ උත්සයවයකුත් දුටු අය සිටි නම් රටේ තත්ත්වය හොඳින් තේරුම් ගන්නවාට සැක නැත.

:       0       2

shan saudi Saturday, 04 August 2018 08:12 AM

මේ දේවල් සදහා මුදල් වැය කර ඇත්තේ පවතින රජයෙන් මිස කාගෙවත් බුදලයකින් නොවේ. මේ අයට විනය පරීක්ෂණයක් කර දඩුවම් කරන්න

:       22       2

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 190 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1208 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 318 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 386 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 398 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 283 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 269 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1619 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1507 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site