(යක්කලමුල්ල විශේෂ ජේ.කේ..එල් චාමින්ද)
ගාල්ල දිස්ත්‍රික්කය තුල කෘෂි කාර්මික කටයුතු සදහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරිම සදහා රුපියල් මිලියන 36ක මුදලක් කෘෂිකාර්මික අමාත්‍යාංශය මගින් ලබා දි ඇත.
මේ යටතේ අමුණු ප්‍රතිසංස්කරණය කිරීම ඇළ මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම සහ කෘෂි මාර්ග ප්‍රතිසංස්කරණය සිදු කෙරේ. එමෙන්ම අමුණු ව්‍යාපෘති 05ක් ක්‍රියාත්මක වේ. රුපියල් මිලියන 12ක් මෙම කර්මාන්ත 05 වෙනුවෙන් ලබා දී තිබේ. රට තුළට ජල මාර්ග ඔස්සේ ලවණ ජලය ඇතුල්වීම පාලනය කිරීම සඳහා බෙන්තර පහළ ගම් හය ගොවිජන සේවා කොට්ඨාශයේ බෙන්තර වී පර්යේෂණ ආයතන භූමිය තුළ අමුණක් ඉදි කිරීමට ද නියමිතය. නාගොඩ ඌරල දඬුවන අමුණ යාන්ත්‍රික දොර අළුත්වැඩියාකිරීම ද,තවලම ඔපාත ක්ෂුද්‍ර වාරි යෝජනා ක්‍රමය සංවර්ධනයද, හික්කඩුව පිංකන්ද පන්විල හීන් ඇළ සංවර්ධනය ද මෙහි අනෙකුත් ව්‍යාපෘති වේ.
බෙන්තර කඳන්ගොවිපළ ඇළ ,කරන්දෙණිය නාගස්ගොඩැල්ල ඇළ, හබරාදුව දන්කැටිය ඇළ , ඇල්පිටිය දික්හේන පහළ මරාදෙ ඇළ සංවර්ධනය කිරීම ඇතුළු ඇළ මාර්ග ව්‍යාපෘති 05ක් රුපියල් මිලියන 12ක් වියදමින් සංවර්ධනය කිරිමට නියමිතය..
කෘෂිකර්මාන්තය නගා සිටුවීමේ අරමුණින් , යටිතල පහසුකම් සංවර්ධනය යටතේ කෘෂි මාර්ග සංවර්ධනය කිරීමද සිදු වේ. වැලිවිටිය දිවිතුර, ඇල්පිටිය හා ඉමදුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ තුළ සුරිය ඇළ යාය කෘෂි පාර, නවදගලයාය කෘෂි පාර, අන්දුගොඩ වලව්වදෙණිය කෘෂි පාර, මේ යටතේ සංවර්ධනය කෙරෙන අතර රුපියල් මිලියන 12ක් මෙම කෘෂි මාර්ග සංවර්ධනය වෙනුවෙන් වැය කෙරේ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
කෘෂි කාර්මික කටයුතු සංවර්ධනයට රුපියල් මිලියන 36ක්