(දිනේෂ් උපේන්ද්‍ර)
කුලී රැකියාවන්හි නියුතු එහෙත් මේ දිනවල රටේ පවත්නා තත්වය අනුව රැකියා කරගැනීමට නොහැකිව ආදායම් අහිමි දිළිඳු පවුල්වල අයට රුපියල් 5000 ක් පමණ වටිනාකමකින් යුතු වියළි ආහාර මල්ලක් ලබාදීම අද(25) පෙරවරුවේ සිදුවිය.
කුලියාපිටිය කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහින්ද දිසානායක මහතාගේ අදහසකට අනුව මෙය ක්‍රියාත්මක කෙරිණි.
ග්‍රාම නිළධාරීන් මගින් එවැනි පවුල් පිළිබද විමසීමෙන් පසුව නිවෙස් කරා ගොස් අදාළ ආහාර පාර්සල් හා මුඛ ආවරණ ලබාදීම සිදු කෙරුණ අතර ඊට පොලිස් අධිකාරී අංක 01 රෝහන ගමගේ, මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක අතුල කරුණාපාල යන මහත්වරු ඇතුලු තෝරාගත් පිරිසක් පමණක් සහභාගීව සිටියහ.
එමෙන්ම නිවෙස්වල තොරතුරු ලබාගැනීමට හා 119 ඔස්සේ කොරෝනා ආසාදිතයින් පිළිබද තොරතුරු සොයන්නට යන පොලිස් නිළධාරීන් හට ආරක්ෂිත ඇදුමක් හදුන්වාදීමද පොලිස් අධිකාරී කාර්යාලයේදී සිදුවූ අතර කුලියාපිටිය පුත්ගලික ඇගලුම්හල් හිමියෙකු විසින් පොලිසියට හා රෝහලට එම ඇදුම් මසා දී තිබිණ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
කුලියාපිටියේ දිළිඳු පවුල් සඳහා වියළි ආහාර මල්ලක්