IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


කෑගල්ලට බහු කාර්ය සංවර්ධන දෙපාර්තමේන්තු කාර්යාලයක්

(නයෝමි දිල්රුක්ෂි)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම“ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් අඩු ආදායම් ලාභීන් ලක්ෂයක් සඳහා රැකියා ලබා දීමේ ජාතික වැඩසටහන  වෙනුවෙන් නව බහු කාර්ය සංවර්ධන දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කෙරිණි.


ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයට බඳවා ගත් නිලධාරීන්ගේ පරිපාලන කටයුතු විධිමත් අයුරින් ක්‍රියාත්මක කිරිම සඳහා අඩුපාඩුවක්ව පැවති කාර්යාල අවශ්‍යතාවය සපුරමින් නව කාර්යාලයක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තුළ විවෘත කිරීම අද (10) සුබ මොහොතින් සෙත් පිරිත් ආශිර්වාද මධ්‍යයේ සිදු කෙරිණි.

මෙම අවස්ථාවට එක් වෙමින් කෑගල්ල දිසාපති/ දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා සඳහන් කළේ නව කාර්යාලය තුළින් නිලධාරීන්ගේ රාජකාරී කටයුතු වඩා පහසු වන බවත්, ඉන් කාර්යක්ෂම හා ඵලදායි සේවයක් ජනතාවට ලබා දීමට හැකි වන බවත්ය.

මෙම අවස්ථාවට සබරගමු පළාත් සභාවේ ප්‍රධාන ලේකම් රංජනී ජයකොඩි, සබරගමු පළාත් මාර්ග හා සංචාරක අමාත්‍යංශයේ ලේකම් චාමර බමුණුආරච්චි, කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන්, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) දිනිෂා එස් රත්නායක, දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ ඒ.ඒ. වීරකෝන්, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ මංජුල පින්නලන්ද, සහකාර දිස්ත්‍රික් ලේකම් විජයානි රත්නසේකර, දිස්ත්‍රික් නියෝජ්‍ය සැලසුම් අධ්‍යක්ෂ අනූෂා මොරවකආරච්චි, ඊ.ආර් ගාමිණී, සියලුම ප්‍රාදේශිය ලේකම්වරුන් සහ බහු කාර්ය සංවර්ධන දෙපාරතමේන්තුවේ පළාත් අධ්‍යක්ෂ කමාන්ඩර් සෙනෙවිරත්න, දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ (රත්නපුර) මේජර් විතාරණ, දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ (කෑගල්ල) මේජර් රාජපක්ෂ ඇතුලු බහු කාර්ය සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල බහුකාර්ය සංවර්ධන නිලධාරීන් සහභාගී වී සිටියහ.



අදහස් (0)

කෑගල්ලට බහු කාර්ය සංවර්ධන දෙපාර්තමේන්තු කාර්යාලයක්

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 190 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1208 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 318 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 386 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 398 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 283 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1407 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site