IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ඌවේ දමිළ පාසල් 170 ක නම් සංශෝධනය කෙරේ

(එෆ්.අස්ලම්)

ඌව පළාතේ වතු පාසල් 170ක නම් වෙනස් කිරීමට ගෙන ඇති තීරණයට අනුව ඌව පළාතේ දමිළ  පාසල් 60ක නාමයන් ඌව පළාත් දමිළ අධ්‍යාපන අමාත්‍යංශය විසින් සංශෝධනය කර තිබේ.

යටත් විජිත සමයේ ආරම්භ කළ පාසල් ඇතුළු වතුකරයේ දමිළ පාසල් රැසක්ම නම්කර ඇත්තේ දමිළ සමාජයට නොගැළපෙන නාමයන් වීමත් දමිළ සමාජයේ ඉල්ලීම මත මෙම පියවර ගත් බවත් ඌව පළාත් දමිළ අධ්‍යාපන අමාත්‍ය සෙන්දිල් තොන්ඩමන් මහතා පැවසීය.

වතුකරයේ ඉදිකර ඇති පාසල් සියල්ලටම පාහේ යොදා ඇති නාමයන් ඉංග්‍රීසි බසට හා සිංහල බසට නැඹුරුව පැවතීමත් මෙහි නාමයන් වෙනස් කරන ලෙස දමිළ සමාජයෙන් දස වසරක සිට ඉදිරිපත්ව ඇති ඉල්ලීමත් සැළකිල්ලට ගනිමින් මෙම පියවර ගත් බවද අමාත්‍යවරයා කියා සිටියේය.

ඌව පළාත් අමාත්‍ය මණ්ඩලයට සෙන්දිල් තොන්ඩමන් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ පත්‍රිකාවට අනුව ඊට අවසර ලැබී ඇති අතර පළාත් දමිළ අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ඇති පාසල් 170ක නාමයන් සංශෝධනය කිරීමට පියවර ගෙන ඇත්තේ ඒ අනුවය.

ඒ අනුව සරස්වතී කණිෂ්ඨ විද්‍යාලය - සරස්වතී සයිව ස්කූල් ලෙසත්,තෙල්බැද්ද දමිළ විද්‍යාලය - කම්බන් ටැමිල් ස්කූල් ලෙසත්,ග්ලේන් ඇල්පින් දෙමළ විදුහල - ශ්‍රී අම්බිගෙයි දමිළ විදුහල ලෙසත්,අයිස්ලැබ් දෙමළ විදුහල - ශ්‍රී ලක්ෂ්මී දෙමළ විදුහල නමිනුත් වෙනස් කර ඇත.

ඌව පළාතේ බදුල්ල අධ්‍යාපන කලාපයේ පාසල් 18කත්, වියලුව කලාපයේ පාසල් 3 කත්,බණ්ඩාරවෙල කලාපයේ පාසල් 15කත්, පස්සර කලාපයේ පාසල් 12කත්, වැලිමඩ කලාපයේ පාසල් 4කත්, මොනරාගල බිබිල කලාපයේ පාසල් 5 කත් වශයෙන් පාසල් 60ක නාමයන් මේ වනවිට වෙනස් කර තිබේ.



අදහස් (0)

ඌවේ දමිළ පාසල් 170 ක නම් සංශෝධනය කෙරේ

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 190 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1208 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 318 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 386 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 398 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 283 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1531 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1423 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site