රොමේෂ් මධුෂංඛ
අතීතයේ සිට උතුරු පළාතේ තිබූ කර්මාන්ත වැඩි ප‍්‍රමාණයක් අද වන විට වැසී යාමත් උතුරේ තරුණ තරුණියන්ට රැකියා උත්පාදන වැඩපිළිවෙළක් නොමැති වීමත් නිසා ප්‍රධානතම ගැටලුව වී ඇත්තේ විරැකියාව බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පැවසීය.
උතුරු පළාතේ යාපනය දිස්ත‍්‍රික්කයේ සර්ව ආගමික සංවිධාන සහ ස්වේච්ඡා සංවිධාන හා සමාජ සේවා සංවිධාන යාපනය ආණ්ඩුකාර කාර්යාලයට කැඳවා ඔවුන්ගේ අදහස් විමසීමෙන් පසුව එහිදී ආණ්ඩුකාරවරයා මෙසේ පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උතුරු ආණ්ඩුකාරවරයා මෙසේ කීය.
‘මේ වෙන විට කන්කසන්තුරෙයි සිමෙන්ති කම්හල, පරන්තන් රසායනික කම්හල, කිරි ආශ‍්‍රිත නිෂ්පාදන සඳහා වූ කම්හල්, වැඩි ප‍්‍රමාණයක් අද වැසි ගොස් උතුරු පළාතේ තරුණ තරුණියන් සඳහා රැකියා උත්පාදන වැඩපිළිවෙළක් නැහැ. ලංකාව වටේටම මුහුද තිබුණත් ඉන්දියාවෙන් ලූණු ගෙන්වන තත්ත්වයක් අද උදා වෙලා. මේ නිසා ලූණු ආශ‍්‍රිත නිෂ්පාදන කරන කම්හල් ලෙහෙසියෙන්ම ආරම්භ කරන්න පුළුවන්කම තිබුණත් කුමන හේතුවක් නිසා හෝ අද ඒවාත් කඩා වැටිලා. මේ නිසා උතුරේ තරුණ ප‍්‍රශ්නයට මූලිකම හේතුව විරැකියාවයි”
”අද වන විට උතුරු පළාතේ තරුණ තරුණියන් මත්ද්‍රව්‍ය වලට නැඹුරුවන තත්ත්වයේ වැඩි වීමක් පෙන්නුම් කරනවා. ඒ වුණාට ඒ තත්ත්වය මැඩපවත්වා ගන්න දෙමාපියන්ගේ මැදිහත්වීමෙන් පුළුවන් කමක් තිබෙනවා. ඒ සඳහා දහම් අධ්‍යාපනය ලබා දිය යුතුයි. තාක්‍ෂණය හෝ විද්‍යාව ඉගෙන ගත්තාට හැදියාව සහිත දරුවෙක් හැදෙන්නේ නැහැ.
උතුරේ බහුල වශයෙන් කිරි ගවයින් සහ කිරි ගොවීන් සිටිනවා. ඒ වුණාට කිරි වලට සාධාරණ මිලක් නැහැ. ස්වයං රැකියා වැඩපිළිවෙළක් ආරම්භ කර එම නිෂ්පාදන සඳහා සාධාරණ මිලක් ලබා දී තරුණ තරුණියන්ට ඒ මගින් ද රැකියා ලබා දීමට හැකියි” රෙජිනෝල්ඩ් කුරේ මහතා පැවසීය.
මෙම රැස්වීම ඇමතු හින්දු කුරුක්කල්වරුන් කිහිප දෙනෙකු ද අදහස් දැක්වූ අතර ප‍්‍රදේශයේ ආගමික නායකයින් සහ බහුජන සංවිධානවල පිරිස් ද මෙහිදී අදහස් දැක්වූහ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
උතුරේ තරුණ තරුණියන්ගේ අසහනයට හේතුව ආණ්ඩුකාරවරයා කියයි