අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර
කනිෂ්ඨ කාර්ය මණ්ඩලය අසනීප නිවාඩු වාර්තා කිරිම හේතුවෙන් ඇඹිලිපිටිය දිසා මහ රෝහලේ අත්‍යවශ්‍ය හදිසි සේවා හැර සාමාන්‍ය සේවා සියල්ල අද (23) ඇණහිටි බව රෝහල් අධ්යක්ෂ වෛද්‍ය නේපුල් ධර්මතිලක මහතා පවසයි.
කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ 135 දෙනෙකුගේ හිඟයක් තිබිය දී සේවය කරන 219 දෙනාගෙන් එක් සේවිකාවක් ආයතන ප්‍රධානීයාගේ අනුමැතිය ද නොමැතිව ස්ථාන මාරු කිරීම අසනීප නිවාඩු වාර්තා කිරිමමෙම අසීප නිවාඩු වාර්තා කිරීමට හේතුව විය. ඇඹිලිපිටිය දිසා මහ රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය මීට පෙර දින දෙකක් අසනීප නිවාඩු වාර්තා කළහ.
කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවක සේවිකාවන්ගේ ලෙඩ නිවාඩු වාර්තා කිරිම හේතුවෙන් දින කිහිපයක් තිස්සේ රෝහලේ බාහිර රෝගින්ගේ අංශයේ මෙන්ම සායනවල සේවා සම්පූර්ණයෙන්ම ඇණ හිට ඇත.
ඇතැම් සායනවලට පැමිණෙන රෝගින්ගේ ඖෂධ සති දෙකකට, මාසයකට ආදි ලෙස නිකුත් කරන අතර සායනවල කටයුතු ඇණහිටීමෙන් ඖෂධ අවසන් වූ එම රෝගීහූ දැඩි අසීරුවට පත්ව සිටිති.
රත්නපුර දිස්ත්‍රික්ක්යේ එක් කෙළවරක පිහිටි ඇඹිලිපිටිය දිසා මහ රෝහලෙන් දිනකට බාහිර රෝගීන්ගේ අංශයෙන් සහ සායනවලින් දෙදහසට වැඩි පිරිසක් ප්‍රතිකාර ලබති. මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ද රෝගීන් මෙම රෝහලෙන් ප්‍රතිකාර ලබති.
කාන්තා සහ පිරිමි වාට්ටු දහතුනක්, දැඩි සත්කර ඒකකයක්, හදිසි ප්‍රතිකාර ඒකකයක්, වකුගඩු රෝගීන්ගේ රුධිර නිරෝධානය ඒකකයක්, නොමේරූ ළදරු ඒකකයක්, සීටී සිකෑන් ඒකකයක්, ඊසීජී සහ එක්රේ ඒකකයක් ද සායනවලට අමතරව ඇඹිලිපිටිය දිසා මහ රෝහලේ ස්ථාපිත කර ඇත.
හදිසි සේවා සඳහා පමණක් සිවිල් ඇඳුමින් සැරසී පොත් අත්සන් නොකළ සේවකයින් තිදෙනෙක් සේවයේ යෙදන බව අසනීප නිවාඩු වාර්තාකළ සේවකයෝ කියති. රෝගින්ගේ ඥාතීන් මෙන්ම පවුල් සෞඛ්‍ය සේවිකාවන් ද වාට්ටුවලට රෝගින් කඳවාගෙන යන අයුරුද දැකගත හැකිවිය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ඇඹිලිපිටි මහ දිසා රෝහලේ වැඩ නවතී